Orphans

1.1K 115 14
                                    

"අංක 132 : ජියොන් ජන්ග්කුක්"

"අංක 133 : ජියෝන් යුන්හී"

පැරණි මත්පැන් බැරලයක් මත පොතක් තබාගෙන සිටි හමුදා සෙබලා තමා ඉදිරිපස සිටින දෙදෙනාගේ නම් සටහන් කරගත්තේය.

"ඇතුළේ ඔයාලගේ කූඩාරම් තියෙනවා.ඔයාලා සහෝදර සහෝදරියෝ නිසා ඔයාලට එකම තැන ඉන්න පුලුවන්.නැත්නම් කැමතිනම් ගෑණු ළමයට කාන්තාවන්ට විතරක් වෙන් කරලා තියෙන තැනට යන්න පුලුවන්.පහසුකම් නම් ගොඩක් අඩුයි.ඒත් ඔයාලට මැනේජ් කරගන්න පුලුවන් වෙයි.වෙච්ච දේ ගැන කණගාටුයි ජියොන් ජන්කුක්.ඔයාගේ තාත්තා අපේ රටේ ගොඩක් වැදගත් කෙනෙක්"

හමුදා සෙබලා ජන්කුක්ට තම හිස නමා ආචාර කරමින් තම ශෝකය පල කළේය.

කිසිත් නොකියූ ජන්කුක් තම සොයුරියගේ අතින් අල්ලාගෙන කඳවුර තුළට ගියේය.

………………………………………………………………………

පෙනෙන තෙක් මානයේ කිසිඳු මිනිස් වාසයක් පෙනෙන්නට නොතිබුණේය.අවුවෙන් දැවුණු පොළොව හා පුහුණුවේ නියුතු යුධ සෙබලුන්ගේ නාදය මෙහි රැව් නඟමින් තිබුණේය.

දුහුවිල්ලෙන් වැසී ගිය සුදු පැහැති කූඩාරම් රතු කුරුස සංවිධානයෙන් පරිත්‍යාග කළ ඒවා බවට යන්තම් මතුවී පෙනෙන රතු කුරුසය දුටු ජන්කුක් වටහා ගත්තේය.

කිලෝමීටර් දෙකක් පමණ දුරට විහිදුණු පෝලිම්වල සිටින්නේ ඊයේ සිදුවූ ප්‍රහාරයෙන් දිවි ගලවා ගත්වුන්ය.

සමහරුන්ගේ මව අහිමි වී ඇත.සමහරුන්ගේ පියා අහිමිවී ඇත.සමහරුන්ගේ දෙමාපියන් අහිමි වී ඇත.සමහරුන්ගේ මුළු පවුලම හා සොහොයුරන් අහිමි වී ඇත.

කිසිඳු හව්හරණක් නොමැති ඔවුහු මෙහි රැස්වී සිටින්නේ රැකවරණයක් බලාපොරොත්තුවෙනි.

කිසිඳු නෑදෑයෙක් හෝ හිත මිතුරු පිරිසක් මෙහි රැස්වී සිටින පිරිසට සිටියේ නැත.යුධයේ බියකරු බව ඔවුන් සියලු දෙනාගේ සියළුම දේ ගිලගෙන අවසන්ය.සියළු බැඳීම්හි අස්ථිර බව වටහාදෙමින් ඔවුන්ව අවසානයේ තම නෑදෑ හිතමිතුරෝ පවා බාරගත්තේ නැත.ලෝකයා කෙරෙහි අවබෝධයක් ලැබීමට තරම් යුද්ධය ඔවුන්ට සහය විය.අවසානයේ ඔවුන් සියලු දෙනාටම වූයේ හමුදාවන්ගෙ පිහිට පැතීමටයි.

Faded Melody ♡ [Completed]Where stories live. Discover now