Goodbye

315 89 5
                                    

"ඇයි එයා එහෙම කලේ ජිමින්"

"මමත් හරියටම දන්නෙ නෑ කුකී.ඒත් ඔයාලා දෙන්නා පිරිමි දෙන්නෙක් වුණු නිසා නම් නෙවේ.මොකද යුන්ගි හියොන් එක්ක හියොන්ගේ වෙඩින් එක පවා ඇරේන්ජ් කරලා තිබුනේ.ඒක නිසා මොකක් හරි වෙන හේතුවක් තියෙන්න ඕනෙ"

ජිමින් ජන්කුක්ගේ කාමරයේ සිට කඳවුර දෙස බලාසිටින අතරතුරදී කීවේය.ඈත කඳවුරේ පුහුණුවීම්වල යෙදෙන සෙබළුන්ගේ හඬ ගව් ගාණක් දුරට විහිදී යයි.ඈත පත්තු වන වෙඩි හඬක් ඉඳ හිට හැරුණු කොට ගස් කොළං දුලබ පරිසරය සම්පුර්ණයෙන්ම අව් රශ්මියෙන් වෙලී ඇත.

ජන්කුක් තම කොට්ටය බදාගත් වනම කරබාගෙන සිටියේය.කොට්ටය කඳුළින් පෙඟී ඇත.පෙරදා රැයේ ටේයොන්ගේ පියා පැමිණ ඔවුන් දෙදෙනා දෙපසට කර ජන්කුක්,යුන්හී හා ජිමින්ට නිල නිවසින් පිටතට යෑමට තහනම් කළ අතර ටේයොන්ට කඳවුරෙන් පිටව යෑමට තහනම් කළේය.

"අපිව එලවයිද ජිමින්.මට බය මම ගැන නෙවේ.මගේ නංගි ගැන"

ජන්කුක් ඇසීය.

"අනියා.ඔයා බයවෙන්න එපා කුකී.ඔම්මා කීයටවත් ඔයාලව යවන්න දෙන එකක් නෑ.මොකද එයාමනේ ඔයාලව තියාගත්තේ කුකී.ඔයා බය වෙන්න එපා.කවුරු නැති වුණත් මම ඉන්නව ඔයා එක්ක.හරිද?"

ජිමින් දඟකාර ලෙස සිනාසෙමින් පැවසීය.

යුන්ගිගේ මරණයේ සැකකාරයෙක් වශයෙන් තම පියා හසුවීම මෙම සම්බන්ධයට නම්ජුන් විරුද්ධ වීමට හේතුව බව ජන්කුක් සිතුවේය.කිසිසේත් විශ්වාස කළ නොහැකි අයෙකුට තම පුත්‍රයා පාවා දීමට කිසිම දෙමාපියෙක් කැමති වන්නේ නැත.නමුත් තමන් ජියොන් ජන්ග් හෝගේ පුත්‍රයා වුවද තමාට ඇත්තේ තම පියාගෙ ගතිගුණ නොවන බව නම්ජුන්ට වටහා දීමට ජන්කුක්ට අවශ්‍ය විය.නමුත් ජන්කුක්ගේ උත්සාහයන් සියල්ලම ගඟට කැපූ ඉනි මෙන් ව්‍යර්ථ වී ගියේය.

නමුත් ජිමින්ගේ ඉදිරියේ යුන්ගිගේ මරණයට ජියොන් ජන්ග් හෝ සැකකාරයෙක්ව සිටි බව නොකියා සිටීමට තරම් ඔහු ප්‍රවේශම් විය.මන්ද ජිමින් පවා තමන්ව පිළිකුල් කිරීමට ඉඩ ඇති බව ඔහුට වැටහුණු නිසාවෙනි.

"ජිමින්"

"කියන්න කුකී"

"ඔයා හොඳ යාලුවෙක්"

Faded Melody ♡ [Completed]Where stories live. Discover now