After all (ii) / end

515 99 31
                                    

JJK's pov

අවුරුදු දහයකට කලින් එදා සිද්ධ වුණේ අපි හීනෙකින්වත් හිතපු නැති දෙයක්.මේජර් නම්ජුන් නැති වුණේ මගේ හියොන්ගේ ඇස් දෙක ඉස්සරහමයි.ඒත් එක්කම වෙඩි උණ්ඩ තුනක් ටේ හියොන්ගේ ඔලුවටයි පපුවටයි වැදිලා තිබුණා.නම්ජුන්ශී එදා නැති වුණා.ඒ කම්පනයත් එක්ක හියොන්ව මිශන් එකේදිම කලන්තේ දාලා වැටුණා.බෝගම් හියොන් කිලෝමීටර් තුනක් මගේ හියොන්ව කරේ තියාගෙන දුවලා එයාව බේර ගත්තා.බෝගම් හියොන් නැත්නම් මගේ හියොන් අපි අතර නෑ.

එයාගේ ඔලුවෙ තිබ්බ උණ්ඩ ටික සේරම එළීයට ගන්න පුළුවන් වුණත් ආපු කම්පනය නිසා එයාට කෝමා එකක් ආවා.දැනට මගේ හියොන් නිදාගෙන අවුරුදු දහයක්.

මේජර් නම්ජුන්ශී නිසා මටයි ජිමින්ටයි යුන්හිටයි උසස් අධ්‍යාපනයට ශිෂ්‍යත්වයක් ලැබුණා.ජිමින් ආමි එකට යන්න හිතාගෙන හිටියත් එයාගෙ අප්පටයි හියොන්ටයි වුණූ දේ නිසා එයා ගොඩක් කම්පනය වුණා.ආමි එකට බැඳිලා එයාට මොනවා හරි වුණොත් එයාගේ ඔම්මාවයි හියොන්වයි තනිවෙනවා කියලා එයා හිතුනා.

ඒක නිසා ජිමින් එයාගේ ඩාන්සින් වැඩ ටික කරගෙන ගියා.

සෑහෙන්න දුක් විඳලා මම අවුරුදු පහකින් උපාධිය අරගෙන් කොලේජ් එකෙන් එළියට අඩිය තිබ්බා.කොච්චර කල් ගියත් මගෙ හියොන්ට තියෙන ආදරේ එක බින්දුවක් මගෙ හිතින් ගියේ නෑ.හැම රෑකම මම කොට්ටෙ බදාගෙන අඬපු විදිය දන්නෙ මාත් එක්ක හොස්ටල් නැවතිලා හිටපු ජිමින් විතරයි.

රජයෙන් එයාගේ වියදම් සේරම දැරුවත් මට ඕන වුණා.මගෙ හියොන්ට මගේ අතින්ම සාත්තු කරන්න.ග්‍රැජුවේශන් ඉවර වෙලා මම ඇකඩමි එක්ක මියුසික් උගන්න ගියා.එතනින් ලැබුණු පිළිගැනීමත් එක්ක මට මගේ ගමන යන්න එච්චර අමාරු වුණේ නෑ.

යුන්හි ඉක්මනටම විවාහ වුණා.ඒක නිසා එයාගේ බරෙන් මාව නිදහස් වුණා.දැන් ජිමින් පවා ගොඩක් ස්ථාවර තත්වයකට ඇවිත්.එයාට එයාගෙම ඇකඩමි එකක් තියෙනවා.පස්සෙ පස්සෙ හංගපු ඇත්ත සේරම එයා දැනහගත්තත් එයා මාත් එක්ක අමනාප වුණේ නෑ.ජිමින් කියන්නේ ලේ බැඳීමක් නොවුණත් මගේ සහෝදරයෙක් වුණූ කෙනෙක්.

Faded Melody ♡ [Completed]Where stories live. Discover now