Lost

305 95 4
                                    

After 4 years....
(ඒ කිව්වේ flasback එකෙන් අවුරුදු හතරක් ඉස්සරහට)

Taehyung's pov...

"අන්තිම performance එක යුන්ගිගේ see saw"

Pd sir කිව්වා.

ඩෙබියු එකෙන් පස්සේ අපේ ගමන එච්චර ලේසි වුණේ නෑ.පොඩිම තැනින් පටන් අරගෙන අපි මුළු කොරියාවම අඳුරන boy band එකක් වුණා.ඒත් හරිම හිමින්.

පුදුම විදියට මගෙ අප්පගෙනුත් කිසි බලපෑමක් මට ආවේ නෑ.මම හිතුවා අප්පා මාව තේරුම් ගන්න ඇති කියලා.මම සතුටු වුණා.ඒත් අප්පා මගේ කිසිම කොන්සට් එකක් බලන්න ආවේ නෑ.ඒ ගැන මගේ හිතේ ලොකු දුකක් තිබුණා.

මේ වෙද්දි අපි මැරිලා වැටෙන තරමට මහන්සි වෙලා හිටියේ.ජින් හියෝන්ට ඔක්සිජන් පවා දෙන්න වුණා.ඒත් අන්තිම වෙනකම් අපි ෆෑන්ස්ලා වෙනුවෙන් ඉවසගෙන හිටියා.

යුන්ගි හියොන් ස්ටාෆ් එකේ කෙනෙක්ගේ වාරුවෙන් ගිහින් ස්ටේජ් එකට නැග්ගා.එයාගේ ශොල්ඩ(ර්) එකේ පේන් එකත් ගොඩක් වැඩිවෙලා තිබුණේ.ඒත් අපි අපේ උපරිමය කරනවා කියලා pd sir ට පොරොන්දු වෙලා තිබුණු නිසා කාටවත් මොනවත් අතාරින්න බැරි වුණා.

යුන්ගි හියෝන් perform කරද්දි අපි ස්ටේජ් එක පිටිපස්සට වෙලා බලාගෙන හිටියා.ඒත් එක්පාරටම ආපු ලොකු සද්දෙකින් මගේ කන් අගුළු වැටිලා ගියා.අන්තිමට මට මතක තිබ්බේ උඩ තිබුණු ස්ටේජ් එක කෑලිවලට පුපුරලා මගේ ඇඟ උඩට කඩාගෙන වැටෙනවා විතරයි.


























































































































මගේ පැත්තකින් කවුරු හරි කොඳුරනවා වගේ මගේ කන් දෙකට ඇහුනා.මම ඇස් ඇරියා.මුළින්ම මගේ ඇස්වලට අහු වුණේ සුදුපාට සිවිලිමක් විතරයි.

මම ඔලුව හරවලා බැලුවා.

ඔම්මා මගේ ගාවට වෙලා ඔලුව තියාගෙන ඉන්නවා.මම හිමින් අත උස්සන්න බැලුවා.මගේ අත බැන්ඩේජ්වලින් ඔතලා එල්ලලා කැනියුලා එකක් ගහලා තිබුණේ.මම හිටියේ හොස්පිට්ල් එකක.

Faded Melody ♡ [Completed]Where stories live. Discover now