Sorrow

320 89 20
                                    

FLASBACK

වසර තිහකට පෙර

"ඇත්තටම ඔයා ඉක්මනට එනවා නේද?"

"ඔයාට මාව විශ්වාස නැද්ද සන්"

"එහෙම දෙයක් නෑ.ඉක්මනට එන්න.මම බලාගෙන ඉන්නවා"

ජියෝන් ජන්ග් හෝ තම පෙම්වතිය වූ ශින් හයි සන්ගේ දෙතොලට හාදුවක් දී නවතා ඇති ගුවන් යානය කරා පිය නැඟීය.
 
                            **********

වසර තුනක් තිස්සේ තමාගේ පෙම්වතාව සිටි ජියොන් ජන්ග් හෝ තම මව් රට හැර වෙනත් රටකට යන ප්‍රථම අවස්ථාව මෙයයි.නමුත් ඇය බලාපොරොත්තු සහගතව ඔහු එන තුරු ඉවසා සිටින්නට උත්සාහ කලාය.
තම විශ්ව විද්‍යාලයේ තමාගේ හොඳම යහළුවා වූ කිම් නම්ජූන් සමඟ ශින් හයි සන් ගසක් මුල තබා තිබූ බංකුවක වාඩි වී සිටියාය.ඇය තමාගේ සියළු දේ පැවසුවේ නම්ජූන් වෙතයි.ඔහු සැබවින්ම විශ්වාසනීය හා ආදරණීය මිතුරෙක් වීය.නමුත් නම්ජුන්ට හයි සන්ට ආදරය කළේය.ඔහු එය එසේ දරා සිටියේ ඇයගේ සිත රිදුවීමට අකමැති නිසාවෙනි.

සරත් සමයේ කහ පැහැ වී ගිය කොළ මඳ සුළඟට හසුවී සෑම තැනම ගසාගෙන යන්නට වීය.හයි සන්ගේ කෙහෙරැලි අතර සිරවී තිබූ කොළයක් ඉවත් කරමින් නම්ජූන් ඇයගේ මුහුණ දෙස බැලුවේය.

"නම් ජූන්"

ශින් හයි සන් පැවසීය.

"ඇයි හයි සන්"

"එයා එයි නේද?"

"අනිවාරෙන්ම ඔයා බයවෙන්න එපා"

"ඒත්..."

එක්වරම හයි සන් සිහිසුන් වී නම්ජූන්ගේ දෑත මතට වැටුණි.

                              *********

තම හිසට ඇතිවූ බර ගතිය නිසා ඇය දෑස් හැර බැලුවාය.තමා සිටියේ රෝහල් කාමරයක් තුළයි.ඇය තමාගේ ඔක්සිජන් අවරණය ගලවා දැමීමට උත්සාහ කළාය.නමුත් එක්වරම පැමිණි අතක් ඇයව නැවැත්වීය.

"හයි සන්..දෙවියනේ..ඔයා නැගිටලා.මාව පුදුම විදියට බය වුණා"

නම්ජූන් ඇයව එක්වරම වැළඳ ගත්තේය.

                            **********

"මොකක්ද ජුනී මට වුණේ?"

Faded Melody ♡ [Completed]Donde viven las historias. Descúbrelo ahora