After all

310 98 12
                                    

වසර 10 කට පසු...

"වෙලාව හරි ද ජිමින්"

"හරි ජන්කුක්.දැන් ඔයාට තියෙන්නෙ පටන් ගන්න"

"හ්ම්ම්"

ජන්කුක් සුසුම් ලෑවේය.

27 හැවිරිදි ජන්කුක් තම සංගීත සංධ්වනිය පැවැත්වීම සඳහා සූදානම් වෙමින් සිටී.ඔහු තිර රෙද්දෙන්තම තම හිස මඳක් පිටතට දමා බැලුවේ රැස්ව සිටි ප්‍රේක්ශකාගාරය දෙසයි.

කුලීන පවුල්වල උදවියගෙන් එය පිරී ගොස් ඇත.ත්මාගේ සංගීත ප්‍රසංහ පවත්වන විට මෙලෙස ප්‍රේක්ශකාගාර ජනයාගෙන් පිරී යාම සාමාන්‍ය දෙයකි.ඔහුගෙන් කඩවසම්බවත් ප්‍රධන වශයෙන් ඔහුගේ සංගීතයේ මිහිරියාවත් එයට හේතුවක් විය.

බොහෝ දෙනා ඉවසිල්ලෙන් පසුවූයේ මෙම තරුණ සංගීතාඥයාගේ මීළඟ ඒකල වාදනයට සවන් දීමටයි.

තමා අසල පුටුවකට බර වී දුරකථනය ඔබමින් සිටි ජිමින්ව දකිත්ම ඔහුට සිහි වූයේ වසර පහකට පෙර අතීතයයි.

වසර පහකට පමණ පෙර..

ජිමින් තමාගේ පුහුණූ වීම් සඳහා පිටත්ව ගොස් සිටියේය.ජන්කුක්ට නාඳුනන අංකයකින් විවිධ පණිවිඩ ඒම මෙතෙක් නතර වී තිබුනේ නැත.මුලදී ජන්කුක සැක කලේ ඒ ටේයොන් යනුවෙනි.නමුත් තමාගේ මතය තමාටම බැහැරකරදැමීමට ඔහුට සිදු වූයේ ටේයොන් පසුවූයේ පණිවිඩ යැවීමට තරම් යහපත් තත්වයක නොවන නිසාය.

"ඔයාගේ නම මට එක් පාරක් කියන්න.කරුණාකරලා.මට ඔයාව අඳුරගන්න ඕනේ"

ජන්කුක් වෙනදා මෙන්ම එම අංකයට දුරකතන පනිවිඩයක් යැවීය.

නමුත් එක්වරම ජන්කුක්ට ඇසී ගියේ අසල තිබූ ජිමින්ගේ දුරකථනය නාද වන ආකාරයයි.

"ආශ්..මේ මනුස්සයා අදත් මේක දාලා ගිහින්.කිව්වට අහන්නෙ නෑ සිහියෙන් ඉන්න කියලා.මොළයක් බද්ධ කරන්න වෙලා මුට"

ජන්කුක් එසේ කියමින් දුරකථනය තම අතට ගත්තේය.

එහෙත් එක්වරම ඔහුගේ දෑස් පිටතට පනින තරමට පුදුමයෙන් විසල් වී ගියේ තමා මොහොතකට පෙර යොමු කළ පණිවිඩය ඔහුගේ දුරකථනයේ අතුරු මුහුණතේ සටහන්ව තිබූ නිසාය.

Faded Melody ♡ [Completed]Where stories live. Discover now