History is a mystery

342 105 9
                                    

සති තුනකට පසු,

"කිම් ටේයොන්,තමුන්ට මං කියන ඒවා තේරෙනවද?"

"ඔව් සර්"

"මම තමුන්ගේ වාර්තාවෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වුණා"

"මම දන්නවා සර්"

"තමුන්ට හැමදාම ඕනෙ කුස්සියේ කෑම උය උය බෙද බෙද ඉන්න වැඩේද?"

"මට ඒක වුණත් හොඳයි වෙඩි තිය තිය මිනිස්සු මරනවට වඩා"

"කිම් ටේයොන්!!!"

මේජර් කිම් නම්ජුන් තමා ඉදිරියේ සිටගෙන සිට් තම පුත්‍රයාගේ කම්මුලට තද අතුල් පහරක් එල්ල කළේය.බලාපොරොත්තු නොවූ එම පහර හේතුවෙන් ඔහු විසිවී ගොස් කාමරයේ මුල්ලකට ඇද වැටුණි.

"අර විකාර අදහස් තාම තමුන්ගේ ඔලුවෙන් ගිහින් නැද්ද කිම්"

මේජර් නම්ජුන් ටේයොන්ගේ ළඟට ගොස් ඔහුගෙන් විමසීය.

"මිනිස්සු මර මර යනවට වඩා පාරෙ සින්දු කිය කිය හිඟා කන එක මට දාහෙන් සම්පතයි අප්පා.මම ඔයාගේ පුතෙක් උනාට ඔයාගේ අදහස්ම මට තියෙනවා කියලා හිතන්න එපා"

ටේයොන් කීවේය.

"හහ්..මගෙ පුතා..??තමුසෙ කොහොමද මගෙ එකෙක් උනේ.කවදාවත් මගෙ දරුවෙක් නම් ඔහොම හැසිරෙන්නෙ නෑ.මම තමුසෙට ඒ විකාරෙට ඉඩ දුන්නේ අවුරුදු 24 පැනපු ගමන් හමුදාවට එනවා කියන පොරොන්දුව පිට.තමුන්ට ඒවා අමතක ද ටේයොන්?"

තම පියාගේ දෑස් වියරු වැටුණු මකරෙකුගේ මෙන් රක්ත වර්ණයෙන් බබලන ආකාරය ටේයොන්ගේ ඇස ගැටුණි.

ඔහුට තවත් ඒ දෙස බලා සිටීමට තරම් සවියක් නොවීය.

ඔහු තම දෑස් බිමට අයා තමා පැලඳ සිටි බූට් සපත්තුව වෙතට යොමාගත්තේය.

"මං දිහා බලනවා"

"එක සැරයක් කිව්වාම බලනවා ටේයොන්.මේක නියෝගයක්"

ටේයොන් හිස ඔසවා තම පියා දෙස බැලීය.

"උත්තර දෙනවා මට..??තමුන්ගේ පොරොන්දුව.ඒක මතකද?"

නම්ජුන් නැවත ඔහුගෙන් ඇසීය.

"කෙනෙක්ට ලේසියෙන් තමන්ගේ අරමුණ වෙනස් කරන්න අමාරුයි මේජර්.ඒකට කෙනෙක් බැඳිලා ඉන්නවනම් මොන පොරොන්දුවක් දුන්නත් ඒ කෙනාට ඒ දේ අතාරින්න අමාරුයි.මොන බොරු වෙස් මූණක් බැඳගෙන හිටියත් පස්සේ ඇත්තට මුහුණ දෙන්න වෙනවා"

Faded Melody ♡ [Completed]Место, где живут истории. Откройте их для себя