Memories

377 99 17
                                    

"ඔයාගෙ හියොන් මොනවද කුස්සියෙ කරන්නේ?"

ජන්කුක් විමසීය.

ජිමින් ඔහුගේ දෑස් දෙස මඳ වේලාවක් ඍජුව බලා සිටියේය.

"ඔයාට ඒක දැනගන්නම ඕනෙද"

ජන්කුක් ඔහුගෙන් මෙවන් පිළිතුරක් බලාපොරොත්තු වූයේ නැත.

"නෑ ඉතිං මං..... මේ...... නිකමට ඇහුවේ"

ජන්කුක් පැවසුවේ ජිමින් එයින් අපහසුතාවයට පත් වූවාදැයි සැකයෙන් මෙනි.

"ආ...ඉට්ස් ඕකේ.සාමාන්‍යෙන් කිචන් එකේ කරන්නේ උයන එකනේ.ඒක තමයි එයා කරන්නේ"

ජිමින් සිනාසෙමින් පැවසීය.

"මේ ජන්කුක් ,ඔයා කලිං කොහෙද ස්කූල් ගියේ"

ජිමින් උවමනාවෙන්ම කතාව වෙනතකට හැරවීමට උත්සාහ ගත් බවක් ජන්කුක්ට පෙනී ගියේය.නමුත්, ජන්කුක්ට තිබූ ගැටලුව වූයේ එතන සිටි එකම හමුදා සෙබලා වූයේ ටේයොන් පමණක් වීමයි.හමුදාවට අදාළ දේ ගැන තමා වද විය යුතු නොවන බව ජන්කුක්ට හැඟී ගිය බැවින් ඔහු තවදුරටත් ඒ ගැන විමසන්නට නොගියේය.




ජන්කුක් තම මේසය මත වාඩිවී සිටියේය.ඔහුගේ අතේ ගුලිවී තිබුණේ ඇඳ වතෙහි ඔතා තිබී ගලවාගත් වයලින් කම්බියයි.

මෙවන් හමුදා නිල නිවසක මෙවැනි දෙයක් හමුවීම පුදුම සහගත දෙයක් යැයි ඔහු කල්පනා කලේය.ටේයොන්ගේ කාමරයේ පවා වයලීන් තබා සංගීතය පිළිබඳ හෝ කිසිඳු හෝඩුවාවක් සොයා ගැනීමට තිබුණේ නැත.

නමුත් ඔහුට එක්වරම ඇසීමට ලැබුණේ කාන්තාවකගේ මිහිරි කටහඬකි.

I heard that you're settled down
That you found a girl and you're married now
I heard that your dreams came true
Guess she gave you things, I didn't give to you
Old friend, why are you so shy?
Ain't like you to hold back or hide from the light

(Meaning : මට ආරංචි වුනා ඔයා පදිංචි වෙලා කියලා
ඔබ ගැහැණු ළමයෙකු සොයාගෙන ඇති අතර ඔබ දැන් විවාහකයි
ඔබේ සිහින සැබෑ වූ බව මට ආරංචි වුනා
මම ඔබට ලබානොදුන් දේවල් ඇය ඔබට ලබා දුන්නා කියලා මම හිතනවා
ඔබ මෙතරම් ලැජ්ජා වන්නේ ඇයි?
ඔබ ආලෝකයෙන් රඳවා තබා ගැනීම හෝ සැඟවීම වැනි නොවේ)

Faded Melody ♡ [Completed]Where stories live. Discover now