Renting a womb

346 50 3
                                    

දරු ඵල අහිමි යුවලක් තමන්ගේම දරුවෙක් ලබාගැනීම වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න ඉදිරිපත් වෙන බව අපි දන්නවා. තාක්ෂනය දියුණු වීමත් එක්ක ඒ සඳහා විවිධ වෛද්‍ය විද්‍යාත්මක ක්‍රම ලෝකය තුළ ජනප්‍රිය වුණා.

ඊට අමතරව LGBTIQ ජනතාවගේ අයිතිවාසිකම් පිළිගැනීමත් සමග ලොව පුරා ඔවුන් වෙනුවෙන් විවිධ නීති රීති හදුන්වා දෙනු ලැබුවා.

උදාහරණයකට සමරිසි යුවළකට දරුවන් හදා වඩා ගැනීමේ අයිතිය සමහර රටවල ලබාදී තියෙනවා. මේ එක්කම නල දරු උපත්, ජාන තාක්ෂනය, කෘතීම සංසේචනය, ශුක්‍රාණු බැංකු ආදිය කර්මාන්තයක් ලෙසත් දියුණු වෙලා තියෙනවා.

ඊට අමතරව විශේෂයෙන්ම වර්ධනය වී තිබෙන කර්මාන්තයක් වන්නේ දරුවන් බිහිකිරීම වෙනුවෙන් තමන්ගේ ගර්භාෂය කුලියට දීමයි. බොහෝ ආසියානු කාන්තාවන් තමන්ගේ රැකියාව ලෙස මෙය තෝරා ගැනෙමින් තිබෙනවා. මේකෙදි ඔබට දරුවෙකු අවශ්‍ය කෙනෙක් නම් කරන්න වෙන්නේ තමන් කැමති රටක තියෙන සායනයක් සහ ගර්භාෂය කුලියට ලබාදීමට කැමති කාන්තාවක් තෝරා ගැනීම විතරයි. අවශ්‍ය වෙන එකම දේ ඒ වෙනුවෙන් විසිකරන්න ඇති තරම් මුදල්.

බොහෝ මානව හිමිකම් සංවිධාන සහ ස්ත්‍රීවාදී සංවිධාන මෙම ගර්භාෂ කුලියට දීම මානව අයිතීන් උල්ලංඝනය වීමක්, කාන්තාවන් සූරාකෑමට ලක් කිරීමක් ලෙස දකිනවා. ඔවුන් නගන ප්‍රධානම තර්කය වන්නේ මෙය හරහා දරුවන් කෙරෙහි මවට ඇති අයිතිය අහිමි කර මව සහ දරුවා අතර ඇති මිනිස් සම්බන්ධය මුල්‍යමය ගනුදෙනුවක් බවට පත් කර ඇති බවයි.

ගර්භාෂා කුලියට දීමේදී සිද්ධ වෙන්නේ මොකක්ද?

ගර්භාෂ කුලියට දීමේදී ඇත්තටම සිද්ද වෙන්නේ යම් කිසි කන්තාවක් තව කෙනෙකුට දරුවා ලබාදීමේ අරමුණින් ගර්භනී භාවයට පත්වීමයි. මෙහෙම ලබාදෙන්නේ දරුවන් හැදීමට හැකියාවක් නොමැති මව්පිය යුවලක් වෙනුවෙනුයි. ගර්භාෂ කුලියට දීමේදී අනුගමනය කරන ක්‍රම දෙකක් තියෙනවා. එක ක්‍රමයක් වෙන්නේ ගර්භාෂය දරන කාන්තාවගේ ඩිම්බ යොදාගෙන දරු ගැබක් ඇති කිරීම සහ ඩිම්බ කෘතිමව සංසේචනය කර එය දරුගැබේ තැන්පත් කිරීමයි.

Faded Melody ♡ [Completed]Where stories live. Discover now