Taehyung's pov
"අජුශ්ශී....මේක අරින්නකෝ...ඔයාගෙ වාහනේ පොඩ්ඩක්.."
කව්ද කෙනෙක් මගේ නම කියලා කෑ ගහනවා මට ඇහුණා.මම ඇස් දෙක පිහදාලා නැගිට්ටා.පොඩි ළමයෙක් වාහනේ window එකට ගහනවා.
ඒත්....
පොඩ්ඩක් ඉන්න..
කෝ...යුන්ගි හියොන්..!!
මගේ ඇඟ තෙමිලා තිබ්බා.ඒත් මම සොහොන ගාව ගලවලා විසි කරලා ආපු ටයි එකයි කෝට් එකයි දෙකම මගේ උකුල උඩ තිබ්බා.මම වාහනේ සුක්කානමට ඔලුව ගහගෙන මෙච්චර වෙලා නිදාගෙන ඉඳලා තියෙන්නේ.
මම වාහනේ දොර ඇරගෙන එළියට බැස්සා.මගේ ඇස් දෙක හෙව්වේ යුන්ගි හියෝන්ව.
"මොනවා..ඔයා v නේද?ඔප්පා..මට ඔටෝග්‍රාෆ් එකක් දෙන්නකෝ ප්ලීස්"
මෙච්චර වෙලා අජුශ්ශී ගගා හිටපු මේ කෙල්ලට මාව මේ පොඩ්ඩට ඔප්පා වෙලා.
ඒත් මම ගණං ගත්තේ නෑ.මම හෙව්වේ යුන්ගි හියොන්ව.
මම පිස්සෙක් වගේ හැම තැනම ඇවිද්දා.ආයිත් සොහොනටත් ගියා.ඒත් ඒ කොහේවත් මගේ හියොන් හිටියේ නෑ.
මම ආයිත් කාර් එකටම ආවා.
"එතකොට ඒක හීනයක්ද?මගේ හියොන් ආපහු ආවේ නැද්ද?"
මම මටම මුමුණ ගත්තා.ඒත් ඒක හීනයක් වුණත් මම ඒ හීනේ ජීවත් වෙනවා කියලා මට තේරුණා.ඒ හීනේ මාව ජිවත් කෙරෙව්වා.යුන්ගි හියොන් මං ගාව නැතත් මට එයාව දැනුනා.ඒත් එක්කම මතක් වුණේ හියොන් මට අන්තිමට කියපු දේවල්.
"මේ අහන්නකො..ඒක නිසා අපි හැමතිස්සෙම හිතන්න ඕනෙ අපේ අනාගතේ ගැන විතරයි.කවදාවත් අනික් අයව තලන්න පෙලන්න යන්න එපා.මොකද ඒකෙන් රිදෙන්නෙ අපිටමයි මගෙ වලස් පැටියෝ.හරි කාලේ ආවාම එයාලට එයාලට නියමිත දඬුවම ලැබෙයි.ඒක දෛවය තීරණය කරයි.තේරුණානේ?"
_"තව කවදාවත් නැතිවුණු දෙයක් ගැන පසුතැවිලි වෙන්න එපා.ඒකෙන් නාසති වෙන්නේ අපේ කාලයයි ශ්‍රමයයි.ඉතිං කවදාවත් මම කියපුවා කරන්න එපා ටේ"
ඒ වචන මාව හීලෑ කරනවා මගේ මට දැනුණේ.කාලෙකට පස්සේ මම හිනා වුණා tear view mirror එකෙන් පේන මාත් එක්කම.මගෙ ඇස්වලින් මම මගෙ හියොන්ව දැක්කා.ගලක කෙටුව අකුරු වගේ ඒ වචන මගේ හදවතේ ගැඹුරෙන්ම කෙටුණා.මගේ හියොගෙ වචනවලට මම අවනත වුණා.මම සේරම අකටයුතුකම් දෛවයටම විසඳන්න කියලා භාර කළේ හියොන්ගේ වචනවලට කීකරු වෙන ගමන්.
YOU ARE READING
Faded Melody ♡ [Completed]
Fanfictionපණ යදින ස්වරයට තත් අතරින් එක් කරන්නම් සොඳුරු තනුවේ අසිරිය රුහිරු, මස් වැගිරුණු යුධ බිම අසබඩ සිට ඔබේ මනරම් දෑස් අතරින්... TAEKOOK SINHALA *TAEKOOK *BL *NON MATURE *BTS SHIPS