Camp Fire

306 91 10
                                    

මළානික හිරු එළියෙන් මුළු කඳවුරම නැහැවී ගොස්‍ ඇත.සියලු දෙනා තම තමන්ගේ වැඩවල කාර්යබහුල වී ඇති බව පෙනේ.

ජිමින් ,ජන්කුක් සහ යුන්හී සෙමින් සෙමින් කඳවුර වෙත පියනැඟීය.

"ඔයාට හියොන් ඇත්තටම කිව්වද මොනවා හරි තියෙනවා කියලා.මට නම් පේන්නේ නැහැ එහෙම මුකුත්"

ජිමින් විමසීය.

"ඇත්තටම කියනවා නම්.මටත් හිතගන්න අමාරුයි තමා.ඒත් එයා කිව්වනේ එන්න කියලා"

ජන්කුක් පැවසීය.

ඒත් සමඟම ඔවුන් දුටුවේ තමන් දෙසට එන හමුදා සෙබලෙක්වයි.

"බෙක්හ්‍යුන් හියෝන්!!"

ජිමින් පැවසීය.

බෙක්හ්‍යුන් යනු තම සොයුරාගේ හොඳම මිතුරා බව ජිමින් දැනසිටියේය.ඔහුව එවන්නට ඇත්තේ ටේයොන් බවට ජිමින් විශ්වාස කළේය.

"ආහ්...ජිමිනා.ඔයාලා දැන්ද ආවේ"

බෙක්හ්‍යුන් විමසීය.සිය සොයුරාගේ හොඳම මිතුරා ටේයොන් බව ජිමින් දැන සිටියේය.දඟකාර සිනහවක් ඇති බෙක්හ්‍යුන් ඔවුන් වෙතට පැමිණ කතා කළේය.සැබවින්ම ඔහු ප්‍රසන්න තරුණයෙකි.

"ඔව් දැන් තමා හියෝන් ආවේ.ඒත් මොනවද තියෙන්නේ මෙහෙ.මුකුත් තියෙන පාටක් පේන්න නෑනෙ"

ජිමින් විමසීය.

"ඔහ්..මෙහෙ නම් නෙවේ තියෙන්නේ.ඔයා දන්නවනේ අපේ බැරැක්කේ"

"ඔව් හියොන්.ඒත් එහෙට පිට අයට යන්න බෑනෙ"

"අයිගෝ ජිමින්.ඔයා ටේගේ සිබ්ලින්ග් කෙනෙක් නේද? දන්නෙ නෑ වගේ හැසිරෙන්නෙපා අයියෝ"

"හා..හරි හරි ඉතිං.හොර පාර.මම දන්නවා ඉතිම්"

ජිමින් මුහුණ හකුලුවමින් කීවේය.

"බැරැක්කේ පිටිපස්සට මේ දෙන්නවත් එක්කගෙන එන්න.හරිද?හැබැයි මේජර් ට අහුවෙන්න එහෙම එපා.අපිට ග්‍රවුන්ඩ් එකේ වට පන්සීයක් දුවන්න බෑ"

බෙක්හ්‍යුන් කීවේය.

"හ්ම්ම්..හරි..අපි එන්නම්"

එසේ කියූ ජිමින්, ජන්කුක් සහ යුන්හී සමඟ බැරැක්කය දෙසට ඇවිදගෙන යන්නට විය.

Faded Melody ♡ [Completed]Where stories live. Discover now