Blood Sweat And Tears

394 98 3
                                    

JJK's pov

මම ජියොන් ජන්කුක්.ඔව් ගොඩක් වැදගත් කලාකාමී පවුල් පසුබිමක් තිබුණු කොල්ලෙක්.මගේ අප්පා බැලේ නර්ථන ශිල්පියෙක් වගේම විශ්‍ව විද්‍යාල කථිකාචාර්යවරයෙක්.එයාගේ අඩිපාරෙම ගිහින් මමත් බැලේ ඉගෙන ගත්තා.ඒත් මට බැලේවලට වඩා හිත ගියේ වෙන දේකට.ඒ සංගීතය.

පැය ගාණක් පොළවත් එක්ක ඇඟිලි තුඩුවලින් ඔට්ටු අල්ලනවට වඩා පහසක් මම වයලින් එකේ තත් අතර වින්දා.ballet barre* එක දිගේ මගේ ඇඟ හරි අපූරුවට එක එක කෝණවලට නැමුනා.පුංචි පියවරේ ඉඳලම අප්පා මාව හරි ගැස්සුවා.ඒත් මම සුළඟේ රිද්මයට වඩා නාදයේ රිද්මයට ආදරේ කළා.දකුණු අත ගැලවිලා යන්න තරම් වේගෙන් වයලින් එක ප්ලේ කලත් ඒ ලැබුණු ඒ දැනුණු සතුට මට ඩාන්සින්වලින් ලැබුණේ නෑ.

පුංචි කාලෙ ඉඳලා අප්පගෙ කකුලෙ එල්ලිලා බැලේ ප්‍රැක්ටිස් කරපු මම හිමින් හිමින් සංගීතයට යොමු වෙන එකට අප්පා ගොඩක් කැමති වුණේ නෑ.එයාට උවමනා වුණේ අපේ ශෛලිය ඉදිරියටත් පවතිනවා දකින්න.අපේ පරම්පරාවක් ඉස්සරහට යනවා දකින්න.

ඒත් මගේ අප්පා මට ඉඩ දුන්නා.මට ඕන තරම් නිදහසක් මගේ ගෙදරින් මට දුන්නා.මම හැමදේම ඉගෙන ගත්තා.
මම අන්තිමට ඩාන්සින් මඟ අරින්න ගත්තා.තාත්තගේ හැකියාව ඒ විදියටම මට පිහිටලා තියෙනවා කියලා ගොඩක් අය කිව්වත් මට වැදගත් වුණේ මියුසික්.

එක් දවසක් මම අප්පා එක්ක තරහ වෙලා ගෙදරින් එළියට බැස්සා.

රස්තියාදුකාරයෙක් වගේ හැම තැනම රවුම් ගහල ගහලා මම තරහ නිවාගෙන අන්තිමට ගෙදර ආවා.

මම කාමරේට ගියා.ඒත් වෙනදට මට පේන්න බිත්තියේ එල්ලලා තියෙන වයලින් එක එදා එතන පේන්න තිබ්බේ නෑ.

මට අප්පව මතක් වුණා.මම එයාව හොයාගෙන ගියා

ඇකඩමි එක තිබුණේ අපේ ගෙදරට ගොඩක් ලඟින්.මම අප්පව හොයාගෙන ඇකඩමි එකටම ගියා.ඩාන්සින් හෝල් එකේ අප්පා  මම යනකොටත් කණ්නාඩිය ඉස්සරට වෙලා ප්‍රැක්ටිස්.

"අප්ප්....."

"වයලින් එකද හොයන්නේ"

එයා ඇඟිලිවලින් ඉස්සිලා අත් දෙක දෙපැත්තට කරන ගමන් කණ්නාඩිය ඉස්සරහ පේන තමන්ගෙම ප්‍රතිබිම්බය දිහා බලාගෙන ඇහුවා.කණ්නාඩියෙන් මට පෙනුනේ මගේ රූපේ.තාත්තගේ පෙනුම මට ඒ විදියටම පිහිටලා තිබ්බා.ලොකු බඩල් අයි ලිඩ් ඇස් දෙක,කළු කොණ්ඩේ,මාංශපේශීන්වලින් පිරුණු ඇඟ ,ඒ වගේම කඩවසම් මූණක්.මැදි වියේ හිටියත් මගෙයි තාත්තගෙයි අතර වෙනසකට තිබුණේ අප්පගෙ තිබුණ නිල් පාට ඇස්.

Faded Melody ♡ [Completed]Where stories live. Discover now