Home

434 100 25
                                    

"එතකොට ඔයාගේ අප්පා නෙවේ නේද ජියොන් ජන්ග් හෝ "

ජිමින් සැකයෙන් මෙන් ඇසීය.

"ඔව්.එයා තමයි.එයා ඊයෙ වෙච්ච බ්ලාස්ට් එකෙන් නැති වුණා"

ජන්කුක් ජිමින් දෙස බලා පැවසීය.

"ඕහ්...එයා තමයි මෙච්චර කාලෙකට හිටපු හොඳම බැලේ ඩාන්සර්.ඔහ්..මයිගෝඩ්..සෝ සොරි.මම දැනගෙන හිටියෙ නෑ.කවද හරි එයාගේ ඇකඩමි එකකට යන්න බලාගෙන තමයි මම හිටියේ.ඒත්..අයිම් සෝ සොරි ජන්කුක්"

ජිමින් ජන්කුක් දෙස බලා පැවසීය.නමුත් ඔහුගේ පිළිතුර වූයේ මඳ සිනහවක් පමණි.

"ඉතිං ජන්කුක්.මොකෝ කියන්නේ.අපිට යාලුවෝ වෙන්න පුලුවන්ද?"

ජිමින් ජන්කුක්ගෙන් ඇසීය.

"ඔෆ් කෝස්,මෙහෙ මම අඳුරන කවුරුත් නෑ.යාලුවෙක් ඉන්න එක මට ලොකු පහසුවක් වෙයි"

ජන්කුක් පැවසීය.

සැබවින්ම ජිමින් ජන්කුක්ගෙන් එසේ විමසීම පවා ඔහුට මහත් අස්වැසිල්ලක් වූයේය.කිසිවෙකුත් නොමැතිව මෙහි තනිවෙතැයි බියෙන් පසුවූ ඔහුට මෙය මහත් පහසුක් වීය.

"එතකොට ජිමින් ඔයාගේ විස්තර..?"

"ආ..මම කිම් ජිමින්.මට වයස 17 යි.මගේ අප්පා මෙහෙ මේජර්.එයා නිසා අපිට තැන් තැන්වලට මාරු වෙන්න වෙනවා.ඒක නිසා මෙහෙ ක්වාටස් (නිල නිවාස)එකක තමයි අපි ඉන්නෙ.මගේ හියොන් තමයි අර ගියේ.කිම් ටේයොන්"

ජිමින් තමා පිළිබඳ හඳුන්වා දුන්නේය.

"මම ඩාන්සින් ස්ටුඩන්ට් කෙනෙක්.අප්පා කැමති මම ආමි එකට යනවට.කොහොමත් මම මොනවා ඉගෙන ගත්තත් මමත් ආමි එකට යන්න තමයි හිතන් ඉන්නේ"

ජිමින් සිනාසුනේය.

"එතකොට ඔයා මොනවද කරන්නේ ජන්කුක්? අප්පා වගේ ඩාන්සින් ද කරන්නේ?"

ජිමින් විමසුවේ මඳ සිනාවක් මුවේ රඳවාගෙනයි.

"මම නම් කරන්නේ මියුසික්.ඒත් බැලේ බැරිමත් නෑ.කොහොමත් අප්පා මට දෙකම ඉගැන්නුවා.ඒත් මම වැඩිපුර කැමති මියුසික්වලට.ඒක නිසා දිගටම ඒක කරනවා"

ජන්කුක් පැවසීය.

"වාව්..සුපර්..අපිට එකටම ප්‍රැක්ටිස් කරන්න පුලුවන්.අයිම් සෝ හැපී"

Faded Melody ♡ [Completed]Where stories live. Discover now