READ THIS

292 57 17
                                    

මම කිව්වනේ මට මේකට idea එක ආවේ ෆොටෝ එකක් එක්ක තිබ්බ කතාවක් නිසා කියලා.මම ඒක මෙතන පල කරන්නම්.

ඔයාලා කියවලා බලලා අදහස් කියන්න.

ඩියගෝ ෆ්‍රාසාඕ"ගේ මතකයන් වෙනුවෙන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඩියගෝ ෆ්‍රාසාඕ"ගේ මතකයන් වෙනුවෙන්...
Diego Frazão Torquato
( අති සංවේදී පිංතූරයක කතාවක් )

ඩියාගෝ ඉපදෙන්නෙ 1997 බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ නගරයේ මුඩුක්කු ප්‍රදේශයක. ඒ මුඩුක්කු ගමේ නම "පරාදා ද ලුකාස්." ( Parada de Lucas)

ස්ලම් ( Slum)යන නමෙන් හඳුන්වන මේ මුඩුක්කු ගම්මාන වල තත්වය අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඉතාම දුක්ඛිතයි. ( Slum dog millionaire චිත්‍රපටිය මතක ඇති).

දුප්පත්ව ඉපදීම හා කලු ජාතිකයෙක්ව ඉපදීම යන දෙකම එකට සිද්ධ උනාම ජීවිතේ බොහොමත්ම අමාරුයි.
විශේෂයෙන්ම රියෝද ජැනයිරෝ නගරයේ පාතාලය හරහා සිද්ධ වෙන මත් ද්‍රව්‍ය වෙළඳාම ..මුල් ඇදපු විශාල ගහක් වගේ.
අවි ආයුධ ජාවාරම.. බලෙන් ගණිකා වෘත්තියේ යෙදවීම.. කප්පම් සඳහා පැහැර ගැනීම.. කොන්ත්‍රාත් මත ඝාතන සිදුකිරීම ... ළමා ජාරාවම වගේ මෙකී නොකී හැම අකටයුත්තක්ම සිද්ධ වෙන්නෙ මේ මුඩුක්කු සමාජ ඛේන්ද්‍ර කරගෙනයි.

හොඳ අධ්‍යාපනයක් ලබාගෙන නිවැරදි මාර්ගයෙන් ජීවිතය ජයගන්න දියගෝ වගේ පොඩි එකෙක්ට පුළුවන් වුනොත් ඒක ආශ්චර්‍යක්.

ඒ ඔක්කොමත් එක්ක දියාගෝ උපතින්ම ලෙඩ ගානෙ. ඒ එක්කම අවුරුදු හතරෙදි ලියුකේමියා රෝගයට ගොදුරු වීම මගින් තත්වය තවත් අමාරු වෙනව.
පුංචි දවස්වල බොහෝ කාලයක් ෆ්‍රාසෝට ගත කරන්න වෙන්නෙ රෝහල් ගානෙයි. ඒ නිසා පාසැල් ගමනත් අඩපන වෙනව.

ඒත් මේ පුංචි එකාට හීනයක් තියෙනව. ඒ තමා දක්ශ සංගීත ශිල්පියෙක් වෙන එක. "කවද හරි රියෝ වල ඉන්න හොඳම වයලීන් වාදකයා වෙන එක තමයි මට කරන්න ඕනෙ දේ." මෙහෙම කිව්වාම දියාගෝ තමන්ගෙ යහළුවන්ගෙ විහිළුවට ලක්වුනු වාර අනන්තයි.

Faded Melody ♡ [Completed]Where stories live. Discover now