Pain

335 89 2
                                    

(A/N : ඇයි යකූ මං දුක හිතෙන නම් දාන්නෙ හැම චැප්ටර් එකටම 😒🗡️💔)




Taehyung's pov

අපරාධයේ පරීක්ෂණ හමුදාවට අයිති දෙයක් නෙවේ වුණත් මේක ත්‍රස්තවාදී ප්‍රහාරයක් නිසා එයාට ඒක වෙනුවෙන් කැපවෙන්න වුණා.මොකද මගෙයි යුන්ගි හියොන්ගෙයි වෙඩින් එකට පවා ඒ වෙද්දි දවස් දාගෙන හිටියේ.ඒක නිසා එයාට මේ දේට සෘජුවම මැදිහත් වෙන්න වුණා.

"මො...මොකක්ද අප්පා..කි..කියන්නේ..ජන්ග් හෝශී..!!!"

"ඔව් ටේ.cctv records වල තිබුණු විදියට ජන්ග් හෝශී ඒ බෝම්බ් එක ගාවින් දෙතුන් පාරක් ගිහින් තියෙනවා.එයා ඒක ගාවට ගිහින් බලලත් තියෙයෙනවා cctv records වල පැහැදිලිව තියෙනවා.ත්‍රස්තවාදියා ඒක අටවලා ගියාට පස්සේ තමා ඒ දේ වෙලා තියෙන්නේ.අපිට තාම කියන්න බෑ එයා ඒ දෙයට හරියටම සෘජුව සම්බන්ධයිද කියලා.ඒත් අර දැකපු දේ අපිට සම්පූර්ණයෙන්ම බැහැර කරන්නත් බෑ ටේයොන්.එයා ඒක ගැන ළඟ ඉන්න කාව හරි දැනුවත් කළා නම් අපිට බොහෝදුරට නැතිවුණ ජීවිත බේරගන්න තිබුණා.අනික මේ අවුරුදු කිහිපයේ එයාව හම්බෙන්න ආපු අය ගොඩ දෙනෙක් දැකලා තියෙනවා කළු ඇඳගත්ත මිනිහෙක් එයාට තර්ජනය කරනවා.ඒක නිසා යම්කිසි පාර්ශ්වයක බලපෑම මත එයා මේ දේ කළා ද කියලත් හිතෙනවා.ඒත්..දැනට එයාගෙ පැත්තට තමයි ගොඩක් සාක්ෂි තියෙන්නේ ටේයොන්"

අප්පා මට පැහැදිලි කළා.

මම වාරු වෙලා හිටපු පුටුවේ ඇන්දක් අල්ලගත්තා.මොකද මට ඇහුන ඒවා.මට විශ්වාස කරන්න පුළුවන් මට්ටමේ තිබුණු නිසා.මොකද මමත් අර කළු ඇඳපු මිනිහව දැකලා තියෙන නිසා.ඇත්තටම ඒ මිනිහා අයින් වෙලා ඉන්න කියපු කෙනා යුන්ගි හියොන් ද..??

එතකොට ජන්ග් හෝශීගේ ඉලක්කේ මගේ හියෝන්ද?

මගේ හිතේ තිබුණු දුකත් අනුකම්පාවත් පරයා ආවේ වෛරයක්.එයා නිසා තමා මට මගේ හියොන්ව නැති වුණේ.ඇයි දෙවියනේ මෙහෙම අපිව පරීක්ෂා කරන්නේ.මම එහෙමම පුටුවට බර වෙලා මේසෙට ඔලුව ගහගත්තා.මොකද තාමත් මට මම කිසිම වැඩකට නැති දුර්වලයෙක් විතරයි.කිසිම දෙයක් කරගන්න මට ශක්තියක් තිබුණේ නෑ.මගේ සේරම හීන එක තප්පරේකදි කුඩු වෙලා ගියේ මගේ ඇස් ඉදිරිපිටමයි.

Faded Melody ♡ [Completed]Where stories live. Discover now