Accident

355 101 16
                                    

JJK'S pov

"ආ..මෙන්න ගන්න"

හියොන් මගේ දිහාට රාමෙන් බෝල් එක දික් කලා.උණුවෙන්ම දුම් දාන රාමෙන් එකත් අරගෙන මම ගිහින් ඩයිනින් හෝල් එකේ දාලා තිබුණු දිග ලී බංකුවකින් ඉඳගත්තා.

චොප්ස්ටික් දෙක අරගෙන ඒකට පිඹ පිඹ කන්න මම උත්සාහ කළා තාමත් රාමෙන් එකෙන් දුම් දානවා.

හියොන් එයාගේ ඒප්‍රන් එකත් පැත්තකින් ගලවලා තියලා ලිපේ තිබ්බ රාමෙන් එක භාජනේ පිටින්ම මේසෙට ගත්තා.

මගේ ඉස්සරහෙන් වාඩිවුණු හොයොන් කිසි සද්දයක් නැතුවම රාමෙන් කෑවා.

ඒත් මේ වෙලාවේ රාමෙන් එකවත් මට කාගන්න බැරි වුණේ එයා එතන ඉන්න එක මට ලොකු අපහසුවක් වගේ දැනුණු නිසා.

"ඒත් එයා ඇවිත් නිවලා මේක මට කවනවා නම්........."

ආහ්...ජන්කුක් මොනවද තමුසෙ මේ හිතන්නේ.

එක එක පිස්සු විකාර අදහස් මගේ ඔලුවේ කැරකෙන්න ගත්තා.

"මොකෝ...ඕක කන්නේ නැද්ද?"

හියොන්ගෙම කටහඬින් මම පියවි සිහියට ආවා.

"නෑ....මේ මම කල්පනා කලේ...තාම මේක උණුයි නේ.."

"වෙනදට උණුවෙන් නෙවේද කන්නේ??"

එයා මගෙන් ඇහුවා.

ඒත් ඉතිං අද ඩබල් හොට් නේ...

මම කිව්වෙ නෑ හිතුවා විතරයි.

"කන්න නැත්නම් ඕක ඇල්වෙයි"

එහෙම කියපු හියොන් ආයිත් එයාගෙ භාජනේට ඔලුව නවාගත්තා.

මම හිමින් සැරේ ඒකෙ තිබුණු රාමෙන්වලට හිත යවාගන්න උත්සාහ කළා.ඒත් මගේ හිත තිබුණේ නම් රාමෙන් එකේ නෙවේ.ඒ ඇස් මගේ මනසේ හොල්මන් කරන්න පටන් අරන් තිබුණා.

කොහොමහරි මට තේරුණේ එක දෙයයි.

"මම හියොන්ට කැමතියි"

ඒත් ඇයි..?

එයා හමුදා සෙබලෙක්.පුහුණු සෙබලෙක්වත් නෙවේ අඩුම තරමේ.ඒ කිව්වේ එයා අනික් අය එක්ක පැක්ටිස් කරනවවත් මම අඩුම තරමේ දැකලා තිබ්බේ නෑ.

මේ කිචන් එකේ උයන කෑම බෙදන කෙනෙක්.ඒත් මම එයාට කැමති වෙන්න පටන් අරන්.එයා මගේ හිත අස්සට හොරෙන් රිංගලා.එදා ඒ ඇස් දිහා මම දැකපු පළවෙනි වතාවෙම ඒ හැඟීම මට දැනුණත් මම ඒක ගණන් ගත්තේ නෑ.අඩුම මම එයාව දැක්කේ දෙතුන් පාරයි.ඒත් මම පුදුම විදියට එයාට ළං වෙලා වගේ හැඟීමක් මට ආවා.

Faded Melody ♡ [Completed]Wo Geschichten leben. Entdecke jetzt