3 කොටස

3.5K 700 243
                                    

උදේ පාන්දරම නැගිටලා කුණු ඇළගාව පන්ති යන එක තරම් ආතල් එකක් නම් තුන් ලෝකෙකවත් නැතුව ඇති. මුලු ටවුන් එකම හිමින් හිමින්  නැගිටින වෙලාව ඒ.. ඒත් ටියුෂන් ක්ලාස්වලට නම් වෙලාව අදාළම වුනේ නෑ. 

වෙනදාට ගැම්මෙන් බහින ඩිෆෙන්ඩර් එක වෙනුවට අද කෙයාන් පයින්ම.. දීඝායූ , යුගීත් දෙන්නම ආට්ස් , කොමස් නිසා මේ පැත්තට කෙයාන්ට එන්න වුනේ තනියම .. තාමත් පොඩි එකා වගේ අත නොහරින පුරුද්දක් වුන ලොලිපොප් එක කටේ ඔබාගත්ත කෙයාන් පපුව හරහා වැටිලා තිබුන බෑග් එකේ පටිය හරහා එක පාරක් අත යැව්වේ හතර වටේට ඇස් යවන ගමන්.. එක අතක් තාමත් බැන්ඩේජ් කරලා තිබුණත් , එයා දාගෙන ඉදපු රතු පාට කැප් එකට මූණ නම් සම්පූර්ණයෙන්ම වැහිලා තිබුණේ..

කෙයාන්ලාගේ වයසේ බලු බල්ලෙක් මුළු කුණු ඇළ පාරේම හොයාගන්න නෑ , මොකද මේ වෙලාවට ඇරෙන්නේ 13 වසරේ අලුයම ක්ලාස් එක.. ඉස්කෝලේ දවසක් වුනත් , ටියුෂන් ක්ලාස්වලට කවදාවත් ඉස්කෝල නම් බාධාවක් උනේම නෑ.. කහකුරුලු සෙන්ට්‍රල් එකේ දැන් ඉදන්ම එහා මෙහා යන පපර වාහන ටික දිහා බලලා ඇගට ගුණයි කියලා කෝකටත්,  අතේ තිබුන ස්කූල් බෑන්ගල් එක ගලවලා සාක්කුවට ඔබාගත්ත කෙයාන් ලොලිපොප් එක කටේ ගහගෙන බලාගෙන ඉදියේ එයාලට කලින් බැජ් එකේ උන්ගේ ක්ලාස් එක ඉවර වෙනකම්..

අත කඩාගෙන තියෙද්දීත් කොල්ලාගේ පණ්ඩිතකමයි , අධිතක්සේරුවයි කොච්චර ද කියනවා නම් , සහන්සගෙන් අච්චර ගුටි කාලත් ආරක්ෂාවටවත් මූ නෙවේ එකම කෙනෙක්ව අරගෙන ගියේ.. සතීශ් කිව්ව ඕපාදූප ටික හරි නම් , සහන්ස චානුල්ය උපකාරක පන්තිය අවසන් වූ සැනින්ම රථ පෙළපාලියට එකතු වේවියැයි කෙයාන් අනුමාන කළේ ය. මෙවර , සහන්සට පෙළපාළි ගමන අහිමිකිරීම කෙයාන්ගේ අරමුණ විය.

අවසානයේ පන්තිය අවසන් වූ වග දුටු කෙයාන් අවධානයෙන් නැගී සිටි අතර, පාළු පාර ආසන්නයේ වූ බෝගස පාමුල ඉවසීමෙන් රැදී සිටියේ ය. පෙරඩ් ටී ෂර්ටයෙන් හා ඩෙනිමකින් සැරසී , සාමාන්‍ය ස්පෝට් ෂූස් දාගෙන පොත් තියෙන බෑග් එකත් අරගෙන ආපු සහන්සව කෙයාන්ගේ දෑසට හසුවූ අතර ඔහුගේ මුවගෙහි සිනහාවක් ඇදී ගියේ ඔහු සමග අන්කව්රුන් හෝ නොවූ වග දැකීමෙනි. ඔහුගේ විසිල් හඩට සහන්ස එදෙස බලනු ද ඔහු ප්‍රශ්නාර්ථ බැල්මෙන් බලා සිටිනු ද කෙයාන් දුටුවේ ය.

_Lost Eyes_Where stories live. Discover now