Special Chapter

4.3K 638 211
                                    

'' මම දන්නවා , තමුසෙට මාව වැඩක් නෑ දැන්.. හූම්හ්. '' කෙයාන්ගේ නහයෙන් ඇඩිල්ල...

'' දගලන්නැතුව ඉන්න සුදුමැණික.. කනත් රිදෙනවා මගේ.. '' සහන්ස සැර කළේ කෙයාන් බුම්මලා අහක බලාගනිද්දි... කෙයාන්ට නම් මොකද ඉතින් උදේ පාන්දර ඉදන් ට්‍රේන් එකේ සීට් එකට  වෙලා සහන්සවත් බදාගෙන සැපට දොයිනේ .... ඒ අසරණයාටනේ කෙයාන් කියන කතා ටිකත් ඔක්කොම අහගෙන ඉන්න වුණේ... දැන් දැන් ට්‍රේන් එකින් පහුවෙන චූටි ලෑලි ගෙවල් පේන්නේ ගිනි පෙට්ටි වගේ...

'' නැත්තන් මොකට ද මෙහේ ආවේ ? සිසීව හොයාගෙන නේද ආවේ ? එයාව බැදගන්න මට එපා තමුසේව... '' කෙයාන් ආයෙත් කිව්වේ සහන්සගේ කළුපාට මැට් ජැකට් එක අස්සේ ඔළුව ඔබාගන්න ගමන්... මැට් ජැකට් එකත් පුදුම වදයක්... ඒ වගේ ද ෂර්ට් එක අස්සෙන් දාඩියට පෙගුණ පිට.... සනීපයි.... කෙයාන් හිතුවේ ජැකට් එක අස්සට පොඩි එකෙක් වගේ ඔළුව ඔබාගෙන නිවී සැනසිල්ලේ ඇස් දෙකත් පියාගන්න ගමන්... නුවරින් එනකොට සීතල වුණාට දැන් නම් දාඩිය බේරෙන තරමට රස්නෙයි....

උදේ සහන්ස එයාගේ සිසී පුසාව මතක් කළා කියලා කෙයාන්ගෙන් බේරිල්ලක් නෑ... කෙයාන්ට මතක් වෙන්නෙම සහන්ස ඉස්සර ඒ සතාව හුරතල් කරපු කැත.. ඤෑව් ඤෑව් ගගා එනවා සහන්සව දැලේ දාගන්න...දැන් නම් නිවන් ගිහින් ඇති පූෂා.. ඒක නිසා කමක් නෑ,..  කෙයාන් ජැකට් එක අස්සේ තවත් මූණ හංගගන්න ගමන්  හිතුවා...

ජැකට් එක අස්සේ ඔළුව ඔබාගෙන සහන්සගේ පිටේ තැන තැන කිස් කරලා මිනිහාව අවුස්සන එකත් වෙනම ආතල් එකක්.. හිතේ හැටියට අැවිස්සුන දෙන්... කෙයාන් පොඩි එකා වගේ හිනාවෙවී හිතුවේ සහන්ස ලෙසටම ඇවිස්සෙනවා කියලා දන්න නිසා... හාල් හිපාටුවා වගේ ඉදියාට , හරිම පුංචි ප්‍රතික්‍රියක ප්‍රමාණයකින් සහන්ස දරුණු විදියට ප්‍රතික්‍රියා කරනවා කියලා කෙයාන් හොයාගත්තේ සති දෙකකට කලින්  සහන්සව අවුස්සන්න ගිහින් එයාටත් ලෙසටම කෙළවුණ දවසේ...

අනාගෙන කෑම කොච්චර ද යත් කෙයාන් දවසක් යනකම්ම චූටිගෙයි , අර වඩේ කරත්තේ සතීශ්ගේයි අපහාස මැද්දේ  කොරවක්කෙක්ගේ චරිතය රගපෑවාත් එක්ක..... කොර ගැහීම තව ඉවසන්න පුළුවන් , ඒත් අර ලව්බර්ඩ්ස්ලා දෙන්නාගේ අපහාස ඉවසන්න පුළුවන් ද ?

_Lost Eyes_Where stories live. Discover now