4 කොටස

3.6K 707 270
                                    

ඔව් . ඔව් මුලු පුරවරේම ඇවිළිලා ගිහින් තියෙන්නේ මේ මහා සටන බලන්න තමයි. උදේ ස්කූල් ටී ෂර්ට් එකට , ඩෙනිම් කලිසම ඇදපු කෙයාන් , යුගීත්නුයි දීඝායු එක්කයි උදේ වෙනකොටම සැළලිහිණි ග්‍රවුන්ඩ් එකේ... කෙයාන්,සචිරු දෙන්නම ප්‍රිෆෙක්ට් වුනත් අද දවසේ උන් දෙන්නට ඩියුටි නෑ...

අසවල් සෙන්ට්‍රල් එකෙයි , මේ සෙන්ට්‍රල් එකෙයි ළමයි දෙපැත්තම පිළ් බෙදිලා කෑගහනවා.. තව පොඩ්ඩක් තත්වේ උච්ච උනොත් ලොකු වලියක් යන්නත් බැරි නෑ..

මුලින් හොදට මැච් එක නැගලා ගියාට හවස් වෙද්දී තමා ඉතින් හුළං බහින්නේ.

'' ඒ බන් අර ඒ අය්යා නේ ? '' දීඝායු කිව්වේ සෙන්ට්‍රල් එකේ ටෙන්ට් එක කෙයාන්ට පෙන්නන ගමන්. කෙයාන් ඒ පැත්තට බැල්ම දැම්මට , දීඝායු පෙන්නන්නේ සහන්සයා කියලා හිතාගන්න කෙයාන්ට අමාරුවුනේ නෑ ඉතින්..

'' මිස්ටර්, සහන්ස චානුල්‍ය.. පුහ්.. '' කෙයාන් ඇස් දෙකත් උඩ යවලා කිව්වේ එයාගේ රතු පාට කැප් එක හදාගන්න ගමන්.. එකපාරක් බැලුවට පාඩුනැති නිසා බැලුවට කිරි කොකා වගේ දිලිසි දිලිසි ඈතට බැජ් ටිකත් එක්ක දිලිසුණු සහන්ස අය්යා දිහා මිනිහා දෙපාරක් ඇස් අයිනෙන් බැලුවේ නෑ කිව්වොත් මුළු ටවුන් එකටම සුනාමියක් එනවා ෂුවර්..

'' ඔය හම්බුවෙලා තියෙන්නේ යුනිෆෝම් එකක්... එක්කෝ ෂුවර් එකට එදා ගුටි කන්න බයේ කියන්නැති.. නැත්තන් උගේ ගල් පෙන් අරන් දෙන්නැති.. සතීශ් දන්න සෙම්ද.. '' කෙයාන් එයාටම මුමුණගත්තේ , කොහේවත් යන හාල්හිපාටුවෝ නිසා අද මැච් එක විනාස කරගන්න ඕනි නෑ කියලා හිතට තරයේ අවවාද කරලා හික්මවන ගමන්..

'' එදා උබ ගුටි කෑවේ කහකුරුලු එකේ G.C ගෙන් ද බන් ? '' යුගීත් කෙයාන්ගෙන් ඇහුවේ එයාව ආයෙත් යක්ෂාවේස කරමින්..

'' තමුසේලා ආවේ මැච් බලන්නද ?  , කොක්කු බලන්න ද ? . මැච් එකේ කොල්ලෙක් දිහා බලපිය ඔච්චර ඕන නම් ... සහන්ස අය්යා දිහා බලන්නේ මෙතන.... '' කෙයාන් නහයත් පුම්බලා කෑගැහුවේ යාළුවෝ සැට් එකේම සම්මා සතිය එක සැරේම කෙයාන් දිහාවට එල්ල වෙද්දී,..

'' මොක ද ? '' කෙයාන් ආයේම ගිගිරුවා.. කෙයාන්ගේ හැටි දන්න යාළුවෝ ටිකම හෙමින් සැරේ කට පියාගත්තේ , වළිගේ පාගගත්ත වෙලාවට කෙයාන්ට කිට්ටු කරන්න හොද නෑ කියලා අත්දැකීමෙන් වගේ දැනගෙන ඉදපු නිසා..

_Lost Eyes_Where stories live. Discover now