A/N

2.7K 435 136
                                    

A/N - ( දිග එකක් හොදේ )

* ලියන්න ගියේ සද දැකීමක් ලිව්වේ වෙන මොකක්ද එකක්... ඇයි ඒම මම ? ( 18+ ඕනම ද ? මට දැන් තියන තත්වේ එක්ක ආයේ අතගහන්න බෑ වගේ 18+ හුම් )

* කමක් නෑ මේ ටික කියාගන්න ඕනි වෙලා තිබ්බා.. අනික මේක ෆැන්ටසි කතාවක්.. ඇත්ත ලෝකේ මෙච්චර සරල නෑ,... සුන්දරත් නෑ...

ඒත් මට දවසක් නිම්දුෂි අක්කා , නංගි ඔයා සෑඩ් එන්ඩින් ලියන කොට හිතන්න මොකද  , ඇත්තටම මෙහෙම ජීවිත කතා තියන අයට සතුටු දායක අවසානයක් බොහෝ විට තියෙන්නේ මේ වගේ ලියවෙන කතාවල විතරයි කියලා.. මට ඒක තාමත් මතකයි.. එදායින් පස්සේ මම සෑඩ් ලියලාම නැති තරම්.. මුල කතා හැම එකකම සෑඩ් තමා.. මම දන්න ගොඩක් ඇත්ත කතාත් සතුටුදායක අවසානයක් නම් නෑ,.. :(

ඇත්තටම ඒක එහෙම තමා..  වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අපි කියවන ලස්සන ආදරේ තියෙන්නේ ෆික්ෂන්වල... ඇත්ත ජීවිතේ වෙනස්.. විදින්න නිදහස නෑ ආදරය..

තවත් දෙයක්, මෙතන හැමෝම වයසට කලින් හොයන්නෙත් සෙක්ෂුවල් අයිඩෙන්ටිටි එක.. ඒක හරිම පටු මානසිකත්වයක්.. ඊට වඩා පටු මානසිකත්වක් අර තමන් Straight කියලා ඔප්පු කරන්න කලින් Boyfriendගේ ඉදන් නම් දාන අය.. දෑසට විහිළුවක් අප්පා...  තමන් Straight ඇති , ඒත් සාධනය කරලා ප්‍රත්‍යක්ෂ ලියලා ඔප්පු කරන්නේ අහවල් එකකට ද ? ස්ට්‍රේට් වෙන එක නම්බුවක් ද ? බම්බුව තමා..

හැම මගුලකටම කලින් Sexual Identity එක හොයන්න එපා කියලා කියන්න ඕන වුණේ..

මගෙන් ඒක අහපු උන්ටත් එච්චරයි... මම බල්බ්සෙක්ෂුවල්.. එක තැනක කියලා ඇති මගේ ඇත්ත එස්.අයිඩෙන්ටිටි එක.. ඒක බෝඩ් , බැනර් , කටවුට් ගහ ගහ යන්න තරම් පිස්සුවක් නෑ මට...

ටටා.. ඒනම් මේ කතාව ඉවරලු.. අර මේ දවස්වල අරහේ මෙහේ දැකපුවයින් ලේ කෝපවෙලා තිබ්බා ටිකක් ... දැන් නම් සැහැල්ලුයි ... බුහාහා..

+ හැමතැනම මම කිය කිය යනවා. මොකාවත් මට අසභ්‍ය වීඩියෝ නම්බරේට එව්වේ නැහැ.. මගේ නම්බරේ නෑ මේකේ ඈයෝ ගාව.... ( ළිද ළග සංගමය පරාදයි වට්පෑඩ්වල ඕපදූප සංගමේට.... ) 

ඒ හුදී ජනයාගේ පහන් සංවේගය පිණිස තවත් එක් වතාවක් ( අවසන් වතාවට ) මගේ වේල පත්කඩේ ඕං....

✨ -පූර්ණ නාම පත්‍රය - තෙසදි තෙහස්නා දෙව්දාරා..
✨උපන්ගම - දොම්පේ
✨ උප්පත්ති වර්ෂය - ක්‍රි.ව 2004
✨උපත්ති ලග්නය - කුම්භ [ එබැවින් update ඉල්ලා කරදර කිරීමෙන් වළකින්න ]
✨ඝනය - මලපෙරේත
✨ කේශ කළ්‍යාණිය - උරතෙක් වැවුණු මුහුදු රළවන් ඝන කොණ්ඩය
✨ හිසෙහි ආලේප කරන සබන් - කොහොඹ සබන්
✨ප්‍රියතම වරණ - ධවල , කාල , ලෝහිත
✨දෑවැද්ද - ගොඩන් අක්කර 10න් මඩින් බුසල් 8යි.. මදිපාඩුවට කළුවර අල්මාරියයි . ඔන්න ඔහේ දෙපියන් ඇදකුත් එකතු කලා...
✨ග්‍රහ පිහිටීම - සෙනසුරු උච්චයි , සිකුරු නීචයි .
✨ඡවි කළ්‍යාණිය - තළෙලු ය.
✨ අනුභවයට ප්‍රිය ආහාර - නම අදාළම නැත . ඕනෑම කෑමක් ඔට්ටුයි . ඇඹුල් දොඩම් , ලුණුමිරිස් හා කොහිල අල සදහා විශේෂ සැලකිලි .. ( කන්නෝනි , බොන්නෝනි )
✨ත්‍යාග වශයෙන් - ඇඹුල් දොඩම් හෝ කැටපෝලයක් පමණි.
✨ කුලය - බඩජාරී කුලය.
✨අධ්‍යාපනය  - වෛශව මුනි අසපුව [ විත් මිධුග්නි ] 
✨ දැනට අහිංසක '' ජියොන්ටේ '' නැමැති පතොක් පැළයක් සමග විවාහ පත් වී සිටී.. 
තවත් , බව්වෙක් සිටී.... වෙන නෑ හොල්මනක්වත් ( එහෙම කියලා මා පිළිබද බලාපොරොත්තු තබා ගැනීමෙන් වළකින්න )

If you flirt with , I am gonna simply flirt back .

✨අසාත්මිකතා - සබන් , දැල්ලන් සහ අන්නාසි
✨රැකියාව - ධවල මන්දිරය , කපුමහත්මිය ලෙස දැනට සේවයේ නියුතුයි.
✨ බටස ආමියෙකි.
✨ යක්ඛ දුවෙකි.
✨තේකුක් / යුන්මින් ජීවියෙකි.
✨ යීචාන් උන්මන්තකයෙකි .
✨ වන්ග්ෂියෑන් සදාකාලිකයෙකි.
✨ඉතිහාස කතා සදහා  ආදරවන්තියකි.
✨කරස් බොහෝමයකි. නමුත් ලැජ්ජා බයට හැදුනු දරුවකි.
✨ හෙප්පුවෙන් ගුටි කෑමට අවස්ස නැති නම් ගරු සරු ඇතිව අමතන්න..

සැ .යු - බල්බ්සෙක්ෂුවල් පමණි.

       [ මෙයට වඩා තොරතුරු @ Inbox පැමිණ විමසීමෙන් වළකින්න... ]

පොරොන්දම් නොගැළපෙනවා නම් , මේ මංගල්ලය අවලංගු කර පිටව යාමට අනිත් පාර්ශවයට අවසරයි.. !

❌සැ.යු ❌ - මගේ පොත් කොපි කරලා අහුවුනොත් එහෙම එවුන්ට මගේ අනුකම්පාව භූමිකම්පාවක් වේවි !

හරි ද ? කලින් දන්නැති අයට දැනගන්න කිව්වේ...

_Lost Eyes_Where stories live. Discover now