16 කොටස

3.2K 659 63
                                    

'' කෙයාන්.. ඔය ඇති බන්.. ඕක නවත්තපාන් දැන්වත්.. '' සතීශ් මේ කෑගහන්නේ ඉරි ගියපු ස්ක්‍රීන් එකේ වීදුරු කෑලිවලට අතත් කපාගෙන ෆෝන් එක ඔබ ඔබ හදන්න ට්‍රයි කරන කෙයාන්ට..

'' තමුසේට තේරෙන්නේ නෑනේ.. '' කෙයාන් අඩන්න ඔන්න මෙන්න සතීශ්ට කෑගැහුවේ නැවතිලා , කලර්ස් ගිහින් තිබුණ ස්ක්‍රීන් එකේ සහන්ස අය්යාගේ ෆොටෝ එක පුරාවට පුපුරලා ගිහින් තිබුණ වීදුරු කෑලි දිහා බලාගෙන.. ඒ අස්සේ කෙයාන්ගේ ඇගිලි කැපුන තැන්වල ලේ ගෑවිලා ඒ ෆොටෝ එක උඩ ලේ තැවරිලා තිබුණෙත් මූසල විදියට...

'' අත තුවාල කරගන්න එපා බන්.. මගේ ෆෝන් එක ගන්න.. '' සතීශ් කිව්වේ එයාගේ ෆෝන් එක කෙයාන්ට දික් කරලා..

'' මම නම්බරේ සේව් කළේ මේකේ විතරයි !!! '' කෙයාන්ට ඒ පාර නම් ඇඩුනේ දැන් මේකට කෝල් එකක් ආවාත් ආන්ස්වර් කරන්නවත් ස්ක්‍රීන් එක වැඩ කරන්නේ නැති නිසා..

'' කලබල නොවී ඉදහන් බන්. හෙට ඉස්කෝලේදී මම ඉල්ලලා ගෙනත් දෙන්නම්.. මහ ලොකු දෙයක්ද ඕක.. බලන්න අතත් කපාගෙන තුවාල කරගෙනනේ.. ''

'' මේක පිපිරිලා ගිහින්.. ඇයි සහන්ස අය්යාගේ මූණ තියන තැනම ඉරිතලලා ගියේ ? ... මට එයාව බලන්න ඕන.. '' කෙයාන් කිව්වේ ෆෝන් එක පැත්තකින් තියලා ... අඩන්න තුන් හිතකවත් තිබුණේ නැතත් තිබුණ බයටම කෙයාන් වෙව්ලනවා...

''යකෝ උබ අඩනවා ද !!!  දැන් කොහේ යන්න ද ? අනික අය්යා ක්ලාස් එකේනේ... බය නොවී ඉදහන්.. '' 

'' මට එයාව බලන්න ඕන.. '' කෙයාන් අඩනගමන් ආයෙත් කිව්වා...

අඩන්නැතුව වෙන මොනවා ද කරන්න පුළුවන් ? ... අනිත් අය වගේ සහන්ස අය්යාව එක්කගෙන යන්න කව්රුත් යන්නෙත් නෑ,. අනික අහක වලිවලත් පැටළෙනවා එයා.. කව් ද දන්නේ අහක යන කරදරත් සහන්ස අය්යාට ක්‍රෂ් ද කියලා.. 

'' මේ අහපන්.. අපි...............''

'' උබේ ඔය ලඩ්ඩෙන්  කෝල් කරපාන් 119 !!! තව ටිකකින් මම තමුසේගේ අය්යා කියන පාහරයාව මරන්න යන්නේ ... '' කෙයාන් කේන්තියෙන් කිව්වේ ඇදෙන් බැහැලා...

'' කෙයාන් ... පහළට යන්න එපා ඌරෝ.. ඩැඩීට තරහා ගිහින් නම්........ '' සතීශ් කිව්වේ කෙයාන්ව ආයේ කාමරේ ඇතුළට තල්ලු කරන ගමන්..

_Lost Eyes_Where stories live. Discover now