21 කොටස

3K 611 163
                                    

'' සහන්ස අය්යේ.. '' කෙයාන්ගේ උගුර හිර වෙද්දී එයා සහන්ස දිහා බලලා මිමිණූවේ අතින් අල්ලගන්න හදලා.. ඒත් සහන්ස අත එහාට ගත්තේ කෙයාන්ව අසරණ කරමින්..

''  කව්ද පුතා ? '' ආයම්මා එළියට ආවේ පැංචිත් පිටිපස්සෙන් එබෙද්දී,. පොලිසියෙන් කියලා දැකලා ආයම්මා ටිකක් බය වුණත් එයාට විශ්වාසයි සහන්ස කවදාවත් පොලිසි යන්න තරම් වැරැද්දක් කරන්නැති බව.. ඒත් ආයම්මාගේ ඇස්වල තියන බය , දාරක ස්නේහයත් එහෙමමයි..

'' සහන්සගේ අම්මා ද ? අම්මේ.. අපි සහන්සව අරන් යනවා පොලිසියට.. ''  ඉන්ස්පෙක්ටර් කිව්වේ කරුණාවන්ත හඩින්.. පොලිසිය කියන වචනේ අහලම පැංචි දැනටම අඩනවා කෙයාන් දැක්කා..

'' හේතුව ? '' ආයම්මා ඇහුවේ සන්සුන් පෙනුමෙන් ඉදපු සහන්ස දිහා බලාගෙන....  කෙයාන් තාමත් කම්පනයෙන් වෙන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරුව.. එයාට සහන්සගේ අත අතඇරුන එක ගැන වෙන සිහියක් නැ....

සහන්ස අම්මාගේ කදුළු පිරිච්ච බැල්ම මග ඇරියේ ඒ පැත්ත හරි කෙයාන් දිහා හරි බැලුවොත් එයාට මොනවා වෙයි ද කියලා විශ්වාසයක් නැති නිසා.. අම්මාගේ විශ්වාසේ කොච්චර ද කියලා කියන්න සහන්ස හොදටම දන්නවා.. අප්පච්චී නැතුව වටේ පිටේ මිනිස්සුන්ගේ ඔක්කොම කතන්දර ටික අහගෙන එයාව හදාගත්ත අම්මගේ බලාපොරොත්තු බිදලා දාන්න වුණත් , එයා කරපු කිසිම දෙයක් ගැන සහන්සට පසුතැවීමක් තිබුණේ නෑ,.

'' අම්මා බය වෙන්න එපා.. කටඋත්තරයක් අරගන්න ... පැමිණිල්ලක් ලැබිලා තියෙනවා පොඩි.. '' ඉන්ස්පෙක්ටර් ටිකක් කිව්ව විදියට , ඒක '' පොඩි '' පැමිණිල්ලක් නෙවේ කියලා නම් කෙයාන් වගේම ආයම්මාත් එකපාරින්ම හිතාගත්තා...

'' ඒත්.. සර්.. මගේ පුතා කවදාවත් වැරැද්දක් කරන්නේ නෑ,... සර් ඕන නම් අහන්න ඉස්කෝලේට කෝල් කරලා.. පුතා අහිංසකයි.. සර්.. '' ආයම්මාගේ ඇස්වලින් කදුළු බේරිලා යනවා කෙයාන් බලාගෙන ඉදියේ හැමපැත්තෙන්ම අසරණකම එයාව වට කරගනිද්දී,..

'' විනාඩියක් දෙනවා ද සර් ? '' සහන්ස ඒ පාර සුපුරුදු ගැඹුරු හඩින් ඇහුවේ ඉන්ස්පෙක්ටර් ඔළුව වනද්දී,. මොනවා වුණත් සහන්ස ගැන, ඉස්කෝලේ එයාට තිබුණ තැන , ගමේ පන්සලේදී වුණත් සහනස්ව දැකලාම එයාත් දැනගෙන ඉදියා.. කෙයාන්ගේ අතින් අල්ලගත්ත සහන්ස එයාව පරිස්සමින් ආයම්මා ගාවට එක්කගෙන ගියේ කෙයාන් තාමත් මුකුත් හිතාගන්න බැරිව ඉදිද්දී,. එතකොට සහන්ස අය්යාව පොලිසියෙන් අරගෙන යනවා ද ? සහන්සගේ අතේ දැඩි ග්‍රහණයත් එක්ක කෙයාන් හිතුවේ නහය ආයේත් බර වේගෙන එද්දී,... මොකක් ද දෙවියනේ මෙච්චර දෙයක් කළේ මෙයා ?

_Lost Eyes_Where stories live. Discover now