9 කොටස

3.5K 706 147
                                    

'' එතකොට ඔයා කොහොම ද ඔච්චර සුදු වුනේ ? '' කෙයාන් අන්තිමට එයාගේ දැවෙන ප්‍රශ්නේ ඉදිරිපත් කළා..

'' අම්මා කියලා තියෙනවා අප්පච්චී ගොඩක් සුදුයි කියලා.. '' සහන්ස ගාණක් නැතුව කිව්වේ කෙයාන් දිහා බලලා හිනා වෙලා..

යුනිෆෝම් එකට වැහිලා තිබුණ සුද දැන් තමා කෙයාන් හරියටම දැක්කේ... එයාටත් සහන්ස අය්යා නාලා එනකම් ගලගාවට වෙලා ඉන්න කිව්වට , මහසෝණාටත් තව රටේ නැති යක්කුන්ට පරාණ බය කෙයාන් නෙවේ ළිදගාවින් හෙල්ලුණේ.... අන්තිමට සහන්ස අය්යාත් අය්යත් මුකුත් කිව්වේ නැති නිසා කෙයාන් මේ බලාගෙන ඉන්නේ වෙන මුකුත් නෙවේ සහන්ස අය්යා නාන දිහා.. දණ හිසෙන් උඩට වෙන්න තියන කොට  ෂෝට ඇරුනාම කොල්ලා කිරිගරුඩ වගේ දිලිසෙනවා කෙයාන් මේ කටත් ඇරගෙන බලාගෙන ඉන්නේ..
ඩේවිඩ් ජීවමානයි වගේ.. කඹේ අදිනකොට අත්වල මසල්ස්.. නහර.. වූෆ්.. පුදුම වෙන්න දේකුත් නෑ ඉතින්.. ගේම්ස් කැප්ටන් නම් මෙහෙම ෆිගර් එකක් නැතුවත් වැඩක් නෑ... කෙල්ලෝ යුනිෆෝම් එකටම දැකලා පිස්සු වැටෙනවා නම් , මෙහෙම දැක්කොත් උන්ගේ පාංශුකූලෙත් දෙන්න පුළුවන් වෙයි..

'' වර්ණ දේහ ද මොනවා ද වෙන්නැති ? '' කෙයාන් හෙන කුතුහලයෙන් ඇහුවත් , දැන් ආයේ සහන්ස අය්යා මෙතන බයෝ පාඩම දිගඅරින්නේ නැති වෙයි කියලා ඌ යටිහිතෙන් ප්‍රාර්ථනා කලා.. ආයම්මා මෙහාට ගෙනාපු එයාගේ ෂෝට් දෙක තුනක්ම තිබුණත් , කෙයාන් ඇදගෙන ඉන්න ටීෂර්ට් එක නම් සහන්ස අය්යාගේ කියලා හිතාගන්න එයාට අමාරු වුණේ නෑ.. මොකද එයා අත ඉස්සුවත් උරහිස ගාවින් ෂර්ට් එක වැටෙනවා.. මේක නම් කරුමයක් කෙයාන්.. එයා මිමිණුවේ එක් දාස් විසි වෙනි පාරටත් ෂර්ට් එක හදාගන්න ගමන්..

සතීශ්ට කිව්වොත් මම මූ නාන විදිය බලාගෙන ඉදියා කියලා ඌ කලන්තේ දාලාම වැටෙයි.. කෙයාන් හිනා වෙවී හිතුවේ සද්ද නැතුව බලාගෙන ඉන්න ගමන්.. එක අතකින් සහන්ස පිටිපස්ස හැරිලා ඉදපු එක හොදයි.. නැත්තන් කෙයාන් බලන බැල්මේ හැටියට එයාට මොනවා වෙයි ද කියන්නත් බෑ.. මොකද ඒ තරම්ම වනගත විදියකට තමා කෙයාන් සහන්ස අය්යා දිහා බලන්නේ...

'' ඔච්චර මොනවා ද බලන්න තියෙන්නේ මල්ලී ? '' අන්තිමට සහන්ස ඇහුවේ කෙයාන්ව භූගත කරන ගමන්...

_Lost Eyes_Where stories live. Discover now