Chapter 16

43 10 2
                                    

Next day morning

On the way to the big hit

* Jungkook 's pov*

උදේ නැගිටලා ලෑස්ති උනා.උදේ කිව්වට 7.30ට විතර නැගිට්ටේ.මොකද අද ස්කූල් යන්න ඕන නෑ නේ.8.30 ට තමයි bighit එකට එන්න කියලා තිබ්බේ.

අපේ ස්කූල් එක ලග ඉදලා බස් එකක යන්න ඕන.( මෙයාල ස්කූල් බෝඩිමේනේ හිටියේ.ඒකයි ස්කූල් එක ලග ඉදලා දුර කියන්නේ)

මොකක්ද පිනකට බස් හෝල්ට් එකට ඇවිත් විනාඩි දෙකකට විතර පස්සේ බස් එකක් ආවා.

..................................................

Bighit එකට මෙහා හෝල්ට් එකේ අපි දෙන්නා බැස්සා.
මට තේරෙන්නෑ මගේ හිතේ තීන්නේ මොන වගේ හැගීමක්ද කියලා.
හදිස්සියෙවත් තේරුනේ නැති උනොත්.
තේරුනත් ගොඩක් බිසී වෙන්න වෙලා ගෙදරින් අකමැති උනොත්.
අද ඕවා හිතලා වැඩක් නෑ ජන්කුක් හෙට හිතපම්.අද තීන්නේ නිකන් උපදෙස් දෙන එකනේ හෙට තමයි බලන්න ඕන.මන් මටම කියා ගත්තා.

කල්පනා කර කරම දන්නෙම නැතුව bighit එක ලගටත් ඇවිත්.

🐥 ඒ බන් සෙනග.

🐰 හ්ම්.............

..........................................................................

@ evening 

* Still jungkook's pov*

අපිට හෙට කරන්න තීන ඒවා කියලා 10 ට විතර අපිව එව්වා.
හ්‍යුන්ග් නුයි මායි කෙලින්ම ගියේ (කලින් කිව්වට වංගු  තිබ්බා.ඒක ඉතිම් වෙනම කතාවක්)
ශොප් එකට.

ගිහින් ටිකක් වැඩ කරා.ඒ හිතට ටිකක් හරි නෑ වගේ අද දවසෙම නිශූව දැක්කේ නෑ නේ.
ඇත්තටම එදා හ්‍යුන්ග් කිව්වා වගේ නිශූ අදත් ආවොත්.
අනේ දෙයියනේ නිශූ අදත් එන්නකෝ.
හිත හිත මන් ටේබල් එකක් අස් කරලා පිහිදෑවා.
එතකොටම දෙර ඇරුනා.නිශූ එයි කියලා ප්‍රාර්ථනා කර කර හිටපු නිසා නිකම්ම ඒ පැත්ත බැලුනා.
හිතුවත් හරි ඒ නිශූ.😍
මට ඉතිම් මල් හතයි.
කෙල්ල ගිහින් වාඩි උනේ පාර පේන තැනක මේසෙක.
එතකොටම කඩේ වැඩ කරන හ්‍යුන්ග් කෙනෙක් ගිහින් මෙනු කාර්ඩ් එක ඇල්ලුවා.

ටික වෙලාවකින් එයාගේ ඕඩර් එක ගෙනාවා.
අයිස් කොෆි එකකුයි ලාවා කේක් එකකුයි.( එකයි කිව්වට කෑල්ලයි හොදේ)

ඒ වෙලාවෙ ආපු අදහසක් නිසා මන් ටක්ගාලා ෆෝන් එක අරන් කාටවත් පේන්නැති වෙන්න කෙල්ලගේ ෆොටෝ එකක් ගහ ගත්තා.

මන් එහෙම්ම හ්‍යුන්ග් ලගට ගියා.
මට ඕන උනේ කෙල්ලගේ කටහඩ අහන්න.
කොච්චර එක ඉස්කොලේ හිටියත් මන් තාම එයාගේ කට හඩ අහලා නෑ.
මන් ගියාම හ්‍යුන්ග් ඇස් දෙක හීනි කරලා මගේ දිහා බැලුවා.
හ්‍යුන්ග්ටත් වැඩේ මීටර් වෙන්නැති.

🐰 මොකෝ ඔහොම බලන්නේ.

🐥 නෑ මන් බැලුවේ උබ මොකද කවදාවත් නැතුව මෙතෙන්ට ආවේ.

හ්‍යුන්ග් දන්නෑ වගේ ඇහුවට මන් දන්නවා එයාට වැඩේ මීටර් කියලා.

🐰 හරි හරි එයා යනකම් විතරයි.

🐥 කොහොම හිටපු එකෙක්ද..........

🐰 😁😁😁

ටික වෙලාවකින් කෙල්ල ආවා.

🌹 අයිස් කොෆි එකයි ලාවා කේක් එකයි.

අම්මෝ ඒ කටහඩ

🐥 වොන් පන්සීයයි මිස් ( මට හරියට එහේ ගනන් ගැන අවබෝධයක් නෑ හොදේ)

🌹 ආ මෙන්න

🐥 තැන්ක්‍යූ හැව් අ නයිස් ඩේ . කම් අගේන්

🌹 😀

අනේ ඒ හිනාව මාත් එක්කත් හිනා උනා.😍
එයා දන්නවනම් මන් එයාට කොච්චර ආදරෙයිද කියලා 😖

✍ lara

Love U Forever  ( Completed )Where stories live. Discover now