02~First Page

2K 499 81
                                    

ටේහ්‍යොන්ග් වෙනදටත් වඩා උදෙන්ම ලැස්ති වුනේ හොස්පිටල් එකට යන්න... වෙනදට උදේ කෑම ගෙදරින් ගන්න ටේහ්‍යොන්ග් අද දෙන්නෙක්ට හරියන්න නැනීට කියලා කෑම පෙට්ටියකට අසුර ගත්තා...

"ටේහ්‍යොන්ග් ඔයා අද උදෙන්ම"

"ඔව් මට අද වැඩ ටිකක් වැඩී"

"ඔයාට හැමදාම වැඩ වැඩීනේ"

"සීමාවේ ඉන්න" පඩිපෙලේ උඩම පඩියේ හිටගෙන ඉන්න කෙනාට කිව්ව ටේහ්‍යොන්ග් නැනී ගෙනත් දුන්න පාර්සලය අරගෙන කාර් එකට නැග්ගා... ඩ්‍රයිවර් කාර් එක අරගෙන හොස්පිටල් එකට එන අතරතුර ටේහ්‍යොන්ග් උදේම ගාඩන් එකෙන් කඩා ගත්ත මල් පොකුර දිහා බැලුවා... ඒ මල් දකිනකොට ටේහ්‍යොන්ග්ට මතක් වුනේ ඊයේ ආව තරුණයව... ටේහ්‍යොන්ග් ඒ මල් පොකුර කඩාගත්තේ ඒ තරුණයට දෙන්න...

ටේහ්‍යොන්ග්ට හරි විස්වාසයක් නෑ ඒ තරුණයගේ මානසික මට්ටම ගැන... ඒත් ටේහ්‍යොන්ග් ඒ ඇස් දැක්ක මොහොතේ ඉදන් ටේහ්‍යොන්ග් අමුතු සිතුවිලි ගොන්නක හිර කාරයෙක් වුනා... ඒ ඇස් ටේහ්‍යොන්ග්ගේ නින්ද නැති කරා කිව්වොත් විස්වාස කරනවද...

මල් පොකුර දිහා බලාගෙන හිනාවුන ටේහ්‍යොන්ග් සිගරට් එකක් දල්වගෙන ශටර් එකෙන් එලිය බලාගෙන පාර එහා පැත්තේ දිගටම දිවෙන ගග දිහා බලන් හිටියා... ලන්ඩන් නගරය උදේ වරුවේ කොච්චර ලස්සනද ටේහ්‍යොන්ග් කල්පනා කරා... ගග දිගට වවලා තියෙන හොද නඩත්තුවක් දෙන ගස් පෙල කොයිතරම් ලස්සනට දිස්වෙනවද කියලා ටේහ්‍යොන්ග් හිතුවා... ඒත් හැම ලස්සන දෙයක් අවසානයෙම අර තරුණයව මතක් වෙන එක ටේහ්‍යොන්ග්ට තේරුම් ගන්න බැරි වුනා... ලස්සන හිනාවක් මූණේ තියාගෙනම කාර් එකෙන් බැහැලා ටේහ්‍යොන්ග් හොස්පිටල් එක ඇතුලට ගියාම ටේහ්‍යොන්ග්ගේ සහයිකාව වෙනදා වගේම ටේහ්‍යොන්ග්ව පිලිගන්න ඉස්සරහට ආවා...

"ගුඩ් මෝනින් ඩොක්ටර්" ටේහ්‍යොන්ග්ගේ බෑග් එකයි කෝට් එකයි ගන්න ගමන් බෙලා කිව්වම ටේහ්‍යොන්ග් බෙලාට හිනාවකින් සංග්‍රහා කරා...

"ගුඩ් මෝනින් බෙලා" ටේහ්‍යොන්ග් එහෙම කියලා වෙනදා පාරේ නැතුව අදුරු කොරිඩෝව දිගේ යනකොට බෙලා ඒ පස්සෙන්ම ගියා... ටිකක් දුර ගිහින් නැවතුන ටේහ්‍යොන්ග් බෙලාට කතා කරා...

soul keeper ||vkook||Where stories live. Discover now