14~ Bitter Sweet

1.4K 397 62
                                    

වෙනදටත් වඩා උදෙන්ම ඇහැරුන ජන්කුක් මූණේ ලස්සන හිනාවක් රදවගෙනම ඇදුම් කබඩ් එක ලග හිටගෙන හිටියා... තුවයක් විතරක් ඇදලා හිටිය ජන්කුක්ගේ තෙත කොණ්ඩෙන් වතුර බිංදු බේරෙමින් ඇග දිගේ පහලට ගලන් ගියා... තාමත් ඇගපුරාම වතුරු බිංදු රැදිලා තිබුනා... ඒ වතුර බිංදු ජන්කුක්ගේ සුදුපාට හම නිසා ලස්සනට දිලිසුනා...

මුලු කබඩ් එකම පෙරලුවත් ජන්කුක්ගේ හිතට හරියන ලස්සන ඇදුමක් ජන්කුක්ට තෝරගන්න බැරිවුනා... කොණ්ඩේ, ඇගේ තිබ්බ වතුර බිංදු පිසනොදාම ඇගටම වේලිලා යනකන් ජන්කුක් අදින්න ඇදුමක් හිතුවා... නමුත් පැය භාගයත් ගත වුනත් එක ඇදුමක් තෝරගන්න ජන්කුක්ට බැරුවුනා...

ජන්කුක්ට අමුතුම සතුටක් දැනුනා... ඇදුම් හොයන එක අමතක කරපු ජන්කුක් ඇස් වහගෙන කබඩ් එකට හේත්තු වුනා... මුලු හිතම ඝන මීදුමකින් වැහිලා ගිහින් වගේ දැනුනා... ඒ ඝන මීදුම අතරේ ටේහ්‍යොන්ග් smoking pipe එක අදින ගමන් තමන්ගේ ලගට ඇවිදගෙන එනවා වගේ ජන්කුක්ට පෙනුනා... අමුතු හිනාවක් මූණේ ඇදෙනකොට ජන්කුක් ඇස් ඇරියා... ඒත් ජන්කුක් ගැස්සුනා...

"දෙවියනේ ඩොක්ටර් ඔයා" අල්ලෙන් කට වහාගත්ත ජන්කුක් තමන් ඉස්සරහා හිටගෙන ඉන්න ටේහ්‍යොන්ග් දිහා බැලුවා...

ටේහ්‍යොන්ග් ඇදලා හිටියේ සැහැල්ලු කලිසමක් එක්ක සැහැල්ලු ශර්ට් එකක්... සපත්තු වෙනුවට ඒ කකුල් වල සෙරෙප්පු දෙකක් තිබ්බා... කොණ්ඩේ උඩට කරලා හදනවා වෙනුවට පහලට වෙන්න දාලා නලල වටේ bandana එකක් බැදලා හිටියා... තොල් අතර සිගරට් එකක් තිබුනා... වෙනදට දකින ගාම්භීර ඩොක්ටර් ටේහ්‍යොන්ග් කිම්ට වඩා හාත්පසින්ම වෙනස් කඩවසම් තරුණයෙක් කියන චරිතේ අද ටේහ්‍යොන්ග්ගෙන් පේන්න තිබුනා... හැමදේම සාමාන්‍ය වුනත් ටේහ්‍යොන්ග් ආකර්ශනීයයි...

ඇස්දෙක පොඩි කරලා ජන්කුක් ඇස් ලොකු කරලා ආයේ හොදට බැලුවේ මේ ඉන්නේ ටේහ්‍යොන්ග්මද කියලා... කිසිම සද්දයක් නොකර ටේහ්‍යොන්ග් කොහොමද තමන්ගේ කාමරේ ඇතුලට ආවේ කියලා ජන්කුක්ට හිතාගන්න බැරිවුනා...

"ජන්කුක් පුදුම වෙන්න එපා මේ මම තමයි" ටේහ්‍යොන්ග් හිනාවෙලා සිගරට් ඇගිලි දෙක අතරේ තද කරගෙන ජන්කුක්ගේ නිරුවත් උඩුකය දිහා බැලුවම ජන්කුක් රතුවුනා...

soul keeper ||vkook||Where stories live. Discover now