33~ Everything'S Gonna Be Okay

1.2K 323 157
                                    

ඊලග දවසේ උදේ ලෑස්ති වුන ජන්කුක් ටේහ්‍යොන්ග් ගෙත් ජෝර්ජියානා ගෙත් දැන් ගෙදර වුන කලින් ජන්කුක් හිටිය ගෙදරට ගියා... ටේහ්‍යොන්ග් එන්න කිව්වේ හවස වුනත් ටේහ්‍යොන්ග් එක්ක එකට එක ගෙදරක ජෝර්ජියානත් දරුවත් ඉන්නවා බලන්න තරම් තමන් ශක්තිමත් නැති බව ජන්කුක් දැනගෙන හිටියා...

ටේහ්‍යොන්ග්ගේ ජීවිතේට ආව පලවෙනි කෙනා ජන්කුක්... ටේහ්‍යොන්ග් එක්ක බිරිදත්, දරුවත් එකට දකින්න බැරි තරම් ජන්කුක්ගේ ආදරය ජන්කුක්ව දුර්වල කරලා... දරුවා ගැනවත් ජෝර්ජියානා ගැනවත් කිසිම තරහක් හිතේ නොතිබුනත් පවුලක් විදියට එකට ඒ දෙන්නම එක්ක ටේහ්‍යොන්ග්ව දකින එක ජන්කුක්ව ඇතුලතින්ම දවා අලු කරන දෙයක් වුනා...

ජන්කුක්ගේ අතේ ලස්සනට ඔතපු පුංචි තෑග්ගක් තිබුනා... ඒක ජන්කුක් ගත්තේ ටේහ්‍යොන්ග්ගේ දරුවට දෙන්න... එන ගමන් කුඩා ලමුන්ගේ ඇදුම් සාප්පුවකට ගිහින් තෝරගත්ත ලස්සන රතුපාට සපත්තුවේ සුදුපාට බෝ එකක් උඩින් තිබුන ඒ සපත්තු දෙක දැක්ක ගමන් ජන්කුක්ගේ හිත ගත්තා... ඒක ටේහ්‍යොන්ග්ගේ දරුවට හොදටම ගැලපෙයි කියලා ජන්කුක් විස්වාස කරා...

ආගන්තුක හැගීමක් දැනුනම ඇග දිගේ ගලාගෙන යන හිරිය එක්ක විශාල ගෙදර දොර ඉස්සරහා හිටගෙන ජන්කුක් ඇදුම හදාගත්තා... ශර්ට් එකේ උඩම බොත්තම දාගත්ත ජන්කුක් ගැඹුරු හුස්මක් ගත්තා... දොරේ සීනුව නාද කරලා තෑග්ග අත් වලට තද කරගෙන දොර විවෘත වෙනකන් ජන්කුක් බලාගෙන හිටියා... කාලෙකට කලින් ඒ දොරම ටේහ්‍යොන්ග් වෙනුවෙන් විවෘත කරපු ජන්කුක් වෙනුවෙන් අද ගෙදර සේවිකාව දොර විවෘත කරා...

දොර විවෘත වුනා...

ජන්කුක්ගේ හදවත වේගෙන් ගැහෙන්න ගත්තා... හැරිලා දුවන්න හිතුනත් අදත් ජන්කුක් ප්‍රමාදයි... දරුවගේ නැනී දොර ඇරලා ජන්කුක් එක්ක හිනාවුනා...

"සර් කවුද" නැනී ඇහුවම ජන්කුක් අතේ තිබුන තෑග්ග ගුලි කරගත්තා...

"මම ජන්කුක් මට මිසිස් කිම්ව මීට් වෙන්න ඕන" පපුව ඇතුලෙන් ඉදි කටු ඇනෙනවා වගේ දැනුනම ජන්කුක් කිව්වා...

"ඔහ් එන්න සර් ඇතුලට මම මැඩම්ට කතා කරන්නම්" දොර ඇරලා නැනී එහාට වුනාම ජන්කුක් ඇතුලට ආවා... දොර වහලා ජන්කුක් පස්සෙන් ගිය නැනී සාලෙන් හිටගත්තා...

soul keeper ||vkook||Where stories live. Discover now