34~Final Chapter

2K 340 201
                                    

LOVE IS ?

ආදරය යනු දෙදෙනෙකු එකිනෙකාගේ ආත්මයන් ස්පර්ශ කිරීමයි... ආදරය යනු අවංකකම හා විස්වාසයි... ආදරය යනු අන්‍යෝන්‍ය අවබෝධයයි... ආදරය යනු අමාරු අවස්තා වලට එකටම මූණ දීමයි... සැබෑවටම ආදරය යනු ආත්මයන් අල්ලාගෙන සිටීමයි...

ආදරය කිරීම පහසුය... ලිංගිකව හැසිරීම වඩාත් පහසුය... නමුත් ආත්මය අවුලවාලිය හැකි කෙනෙකු සමග ගැටීම අපහසුයි වගේම එහෙම කෙනෙකු දුර්ලභයි...

හොදම ආදරය යනු ආත්මය අවදි කරන සහා තවත් බොහෝ දේ වෙත ලගා වීමට අපිව සලස්වන දෙයකි... අපේ හදවත් තුල ගින්නක් ඇතිකර අපගේ මනසට සාමය ගෙන ඒමට පුලුවන් නම් එයයි සැබෑ ආදරය... නමුත් සැබෑ අදරයක් කියලා දෙයක් මේ පවතින ලෝකය තුල තියෙනවද?

අවට පරිසරය ඝන අදුරක ගිලිලා තිබුනා... 1952 මැයි මාසයේ දවසක් වුනත් ඇද හැලෙන වර්ශාව නිසා ජනේල් වීදුරු බොද වෙලා තිබුනා... ජනේල් වීදුරුව දිගේ ගලාගෙන යන වතුරු බිංදු දිහා බලාගෙන ඉටිපන්දම් වලින් ආලෝකමත් වෙලා තිබුන කාමරේ ඇතුලේ ඇදේ මැදට වෙන්න ඉදගෙන හිටිය ටේහ්‍යොන්ග්ගේ තොල් අතර smoking pipe එක තිබුනා...

"ජන්කුක්" තමන්ගේ උකුල මත ඔලුව තියාගෙන ඇස් වහාගෙන ඉන්න කිසිම අඩුවක් නැති ඉටි රූපයක් තරම් ලස්සන ජන්කුක්ගේ මූණ දිහා බලාගෙන ඒ කම්මුලක් හිමින් ඇගිල්ලකින් පිරි මදින ගමන් ටේහ්‍යොන්ග් කතා කරා...

අමුතු සුදුපාට හමත්... කලු බෝල ඇසුත්... තද කලු කොණ්ඩෙත්... දිහ නහයත්... රතුපාට තොලුත්... යටිතොල යට තියෙන මෝල් එකත්... රෝසපාට මල් පෙත්තක් තරම් සිනිදු පිරුනු කම්මුලත් උඩ හිමින් ඇගිල්ල ගෙනයන ගමන් ටේහ්‍යොන්ග් මතක් කරා ජන්කුක්ව දැක්ක පලවෙනි දවස...

පලවෙනි වතාවෙන්ම ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ හිත ගත්තා... එදා මුලු රෑම තමන්ගේ නින්ද ජන්කුක් නැති කරා කියලා කියලා මතක් වුනාම ටේහ්‍යොන්ග් හිනාවුනා... අදුරු කාමරේ මුල්ලක වාඩිවෙලා ගුලිවෙලා හිටිය ජන්කුක්ව ටේහ්‍යොන්ග් සම්පූර්ණ වෙනස් පුද්ගලයෙක් කරා... අදුරෙන් ආලෝකය වෙත පොරොන්දු වුනා වගේම ටේහ්‍යොන්ග් ජන්කුක්ව අරන් ආවා... ටේහ්‍යොන්ග් ජන්කුක්ට දුන්න පොරොන්දුව ඒ විදියටම ඉශ්ට කරා... එහෙම නෙමෙයිද?

soul keeper ||vkook||Where stories live. Discover now