Epilogue

2.3K 413 388
                                    

2000/12/12

වසර 2000 අගභාගය එලෙඹ තිබියදී ජිමින් රුසියාව බලා යාමට ගත් තීරණය පිලිබදව ඔහුගේ බිරිද යුන්ජී සිටියේ නම් කිසිම කැමත්තකින් නොවෙයි.. නත්තල හා 2001 වසර සැමරීමට ඇයට ඇයගේ සැමියා සමග තමන්ගේ මව්රට බලා යෑමට තිබුන ඉඩ ඇහිරී ඇයට ප්‍රංශයේම තනියෙන් සිටීමට සිදුවුන නිසා...

"යුන්ජී" ජිමින්ගේ පපුවේ මූණ හංගගෙන හිටිය යුන්ජීට කතා කරපු ජිමින් යුන්ජීව බදාගත්තා... " මයි ලව් ඔයා ලන්ඩන් වලට යන්න මම්ලගේ ගෙදර ඉන්න ගිහින් මම new year එකට කලින් එහේ එනවා හරිද" ජිමින් කිව්වම ඔලුව වනපු යුන්ජී ජිමින්ගෙන් ඈත්වුනා...

යුන්ජීගෙන් සමුගත් ජිමින් ගුවන්තොටුපළ බලා ගියේ හිතේ ඇතිවුන බලාපොරොත්තු රාශියක් සමගින්... සුවපහසුව අසුනට බරවුන ජිමින් පරණ පත්තරය බෑගයෙන් අරගෙන නැවත කියවීමට පටන් ගත්තා...

"බ්‍රිතාන්‍ය ජාතික මනෝවෛද්‍ය ටේහ්‍යොන්ග් කිම්
හා ඔහුගේ සහායක රුසියානු ජාතික ඩොක්ටර්
ජන්කුක් ජොන් නැවතත කරලියට"




1950 වර්ශයේ පත්තරයක තිබූ එම වාක්‍ය පෙළම නැවත නැවතත් කියවීමෙන් අනතුරුව ජිමින්ට එහෙමම නින්ද ගිහින් තිබුනා...

අවසානේ රුසියාව බලා පැමිණි ජිමින් හොද හුස්මක් මුදාහැර ගුවන්තොටුපලින් එලියට ඇවිත් කුලී රථයක නැගී රුසියාවේ එවකට ප්‍රසිද්ධම රෝමානු කතෝලික පල්ලිය වන අවුරුදු සීයක් පමණ පැරණි Church of All Saints පල්ලිය වෙත ගමන් කරා...

උදෑසන දේව මෙහෙය අතරතුර පල්ලියට ඇතුලුවුන ජිමින් හිස්ව තිබුන මැද පේලියක අසුන්ගෙන තමාට ඉදිරියෙන් ඇති අසුන්වල පිටුපස කොටස එකින් එක විවර කරමින් පුටුවෙන් පුටුවට මාරු වෙමින් කුමක් හෝ දෙයක් සොයනා ආකාරය එම පල්ලියෙම පිටුපස අසුනක අසුන්ගෙන සිටි ඩේවිඩ් නීරීක්ශන ඇසින් බලා සිටියා...

අවසානයේ තමන් සොයනා දෙය සොයාගත් ජිමින් කලබලෙන් පල්ලියෙන් එලියට යන දිහා බලන් හිටිය ඩේවිඩ් ජිමින් පසුපසින්ම ගමන් කර ජිමින් ගොඩ වුන බස් රථයටම නැගී ජිමින්ට පිටුපස අසුනෙන් ඉදගත්තා... පත්තරයක් කියවමින් ඉන්න ජිමින්ගේ කනට ලංවුන ඩේවිඩ් රහසින් වගේ ජිමින්ට කතා කරා...

soul keeper ||vkook||Where stories live. Discover now