17~ Hymn

1.4K 405 140
                                    

හවස හත වෙනකොට ලෑස්ති වුන ටේහ්‍යොන්ග් ජන්කුක් එනකන් වාහනේ පිටුපස අසුනට වෙලා smoking pipe එක අදින ගමන් බලන් හිටියා... හැම වෙලාවෙම වෙලාවට වැඩ කරන ජන්කුක් අද දවසේ පරක්කු වුන එකත්, උදේ ඉදන්ම බෝල ඇස් ලොකු කරගෙන නොසන්සුන් විදියට බඩු ලෑස්ති කරන ගමන් ගෙදර ඇතුලේ එහාට මෙහාට ගිය එකත් මතක් වෙලා ටේහ්‍යොන්ග්ට හිනාගියා... ගමනක් යමු කියලා කිව්ව වෙලාවේ ඉදන්ම ජන්කුක්ගේ අත්දෙක අල්ලන හැම වතාවෙම සීතලට දැනුන නිසා ටේහ්‍යොන්ග් තේරුම් ගත්තා ජන්කුක් ඉන්නේ නොසන්සුන් වෙලා කියලා...

කලු කලිසමක්, සිල්ක් කලු ශර්ට් එකක් ඇදලා ගෙදර ඇතුලේ ඉදන් බෑග් එකක් අරන් එන ජන්කුක් දැක්ක ටේහ්‍යොන්ග් හිනාවෙලා කෙලින් වාඩිවුනා... ටේහ්‍යොන්ග් ලගින්ම වාඩිවුන ජන්කුක්ගේ මුලු මූණමත් බෙල්ලත් රතුවෙලා තිබුනා... යටිතොල හපාගෙන අතේ ඇගිලි ගුලි කරගෙන ජන්කුක් කලවා අතර අත්දෙක තද කරගත්තා...

"අපි යමු" ටේහ්‍යොන්ග් ටිකක් සද්දෙන් රියදුරුට කියනකොට ගැස්සුන ජන්කුක් යටිතොල තදින්ම හපන්න ගත්තා... ජන්කුක්ගේ හිත කලබල වෙලා තිබුනේ... එක එක දේවල් වලින් පිරිලා ඉතිරිලා ගිහින් සතුට හිත ඇතුලෙන් බේරිලා ඇවිත් පපුව දිගේ පහලට ගලාගෙන යනවා වගේ ජන්කුක්ට දැනුනා... ඒක ඇත්තටම කියන්න නොතේරෙන පපුව හරහා එහෙ මෙහේ යන විදුලිය වගේ හැගීමක් වුනා ජන්කුක්ට...

ටේහ්‍යොන්ග් එක්ක තනියෙම යන ගමනක්....

පැය දෙකක ගමනකින් පස්සේ Dover Hythe වරායට ආව ටේහ්‍යොන්ග්-ජන්කුක් ජර්මනිය බලා යන 'hymn' නැවට ගොඩ වීමට වාරය එනකන් එකිනෙකා ලෙස පෙලට ඉන්න දිග පෝලිමේ හිටගෙන හිටියා...

"ටේහ්‍යොන්ග් අපි මේ කොහෙද යන්නේ" ජන්කුක් වටපිට බලන ගමන් සතුටින් දිලෙසෙන ඇස් වලින් ඇහුවම ටේහ්‍යොන්ග් දුම පපුවට වෙනකන් ඇදලා ගත්තා... සිගරට් දුම පිට නොකරම ජන්කුක් දිහා බලන් හිටිය ටේහ්‍යොන්ග් හිනාවුනා...

"සවාරියක්" ජන්කුක්ට කියන ගමන් තමන්ගේ වාරේ ආවම නැවේ මුරකරු ලගටම ලංවුන ටේහ්‍යොන්ග් ටිකට්පත් දෙක මුරකරුට දික් කරා...

soul keeper ||vkook||Where stories live. Discover now