26~ What are WE

1.3K 329 208
                                    

සන්ද්‍යා කාලය ගෙවී යමින් හෙමි හෙමින් රාත්‍රිය උදාවුනා... රාත්‍රී අහස අදුරු වලාවකින් ගිලිලා තිබුනා... වැහිපොද ඇද හැලෙමින්, හමා හිය සීතල හුලග අමෝරා වැස්සකට පෙර නිමිත්තක් මෙන් වුනා... හුලගේ වේගය හෙමින් වැඩි වෙන්න ගන්නකොට නැවේ සාදය අවසානය කරා ලං වෙමින් තිබුනා...

හැම කෙනෙක්ම වගේ අවම වශයෙන් මත්වෙලා හිටියා... වාදනය වෙමින් පැවති මියුරු සංගීතයට නර්තනයේ යෙදෙන ගෑනු-පිරිමි යුගලයන් දිහා බලාගෙන පිටිපස්සෙම අසුනක ඉදගෙන හිටිය ජන්කුක් වයින් වීදුරුවක් තොල ගාමින් හිටියා...

මොහොතින් මොහොත එකට ගැටෙන ටේහ්‍යොන්ග් ගෙත් ජන්කුක් ගෙත් ඇස් වල කියාගන්න බැරි වේදනාවක් ගැබ්වෙලා තිබුනා...

"ජන්කුක් අපි යමුද ඩොක්ටර් කිම්ට කතා කරලා එන්න, දැන් යන්න වෙලාව හරි" ඩේවිඩ් කිව්වම ජන්කුක් ඇස් රෝල් කරලා ඩේවිඩ් දිහා බැලුවා... තොල් වෙව්ලනවා වගේ දැනුනම ජන්කුක් ඉක්මනට යටිතොල හපාගත්තා...

"ඔහ්හ් මේ ටිකක් ඉන්න ඩේවිඩ් ඔයා ගිහින් එන්න මට-මට වොශ්රූම් එකට යන්න ඕන මම ටිකකින් එන්නම්" ජන්කුක් කලබලෙන් කිව්වම ඩේවිඩ් ඇස් පිල්ලම් ගැහුවා...

"අහ් හරි ඔයා ගිහින් එන්න මම ඉන්නම් ඔයා එනකන්" ජන්කුක් ආයේ කලබල වෙන්න ගත්තම ඩේවිඩ් මේසේ උඩ තියෙන ජන්කුක්ගේ අත උඩින් අත තිබ්බා...

"නෑ ඩේවිඩ් ඔයා යන්න මම එනකන් ඉන්න එපා" ඩේවිඩ් එක්ක ආව තරහා පාලනය කරගෙන ජන්කුක් ඉක්මනට නැගිටලා එතනින් එලියට ඇවිදගෙන ගියා... ඔලුව දෙපැත්තට වැනුව ඩේවිඩ් එහෙමම නැගිටලා ටේහ්‍යොන්ග්-ජොර්ජියානා ඉදගෙන ඉන්න මේසේ ලගට ගියා...

"ඩොක්ටර් කිම්" ඩේවිඩ් හිනාවෙලා කතා කරාම ටේහ්‍යොන්ග් ඩේවිඩ් එක්ක හිනාවුනා...

"ඔහ්හ් ඩේවිඩ්" ඩේවිඩ්ට කිව්ව ටේහ්‍යොන්ග් ඔලුව ඇල කරලා ඩේවිඩ්ගේ පිටිපස්ස බැලුවත් ජන්කුක් ඉන්න බවක් පේන්න නැති වුනාම ටිකක් කලබල වෙලා ඇස් පිල්ලම් ගැහුවා... මුලු වෙලාවම ඩේවිඩ් ජන්කුක් ගැන වද වෙන විදියත් ජන්කුක් දිහා ඩේවිඩ් බලන් ඉන්න විදියත් බලාගෙන ටේහ්‍යොන්ග් නොසන්සුන් කමකින් හිටියේ...

soul keeper ||vkook||Where stories live. Discover now