11~ He does not love me ⚠️

1.5K 424 92
                                    

⚠️WARNING⚠️

⚠️SELF HARMING ⚠️

⚠️ELECTRICT SHOCK TREATMENT ⚠️

If you are uncomfortable with this contents plz don't read this chapter. Thank you.






ටේහ්‍යොන්ග් එක්ක හවස් කාලය ගත කරලා කාමරේට ආව ජන්කුක් හිටියේ නොසන්සුන්කමනින්... ටේහ්‍යොන්ග් එක්ක ඉන්න හැම වෙලාවකම අමුතු හැගීමක් දැනෙන එක ජන්කුක්ට වදයක් වුනා... ටේහ්‍යොන්ග්ගේ තොල් දැක්කම ඒ තොල් මත තමන්ගේ තොල් තද කරන්න ජන්කුක්ට ඕන වුනා... ඒක වැරැද්දක් බව ඒක කරන්න බැරි දෙයක් බව මතක් වෙනකොට ජන්කුක්ගේ ඔලුව ඇතුලෙන් ලොකු වේදනාවක් දැනෙන්න ගත්තා...

ටේහ්‍යොන්ග් කතා කරනකොට, හිනාවෙනකොට ඒ තොල් තද වෙන විදිය, එකිනෙකට ගැටෙන විදිය, ටේහ්‍යොන්ග් කෝපි කෝප්පේ තොල ගාන විදිය පවා ජන්කුක්ව නොසන්සුන් කරා... ඒ කෝපි කෝප්පේ ගෑවෙන තොල් තමගේ තොල් වල ගෑවෙන්න ජන්කුක්ට ඕන වුනා...

ටේහ්‍යොන්ග්ගේ තොල් එක එක වෙලාවන් වල එක එක් වර්ණ ගත්තා... ටේහ්‍යොන්ග් smoking pipe එක තොල් අතර තද කරගෙන ඒකෙන් දුම් ඇදලා අරන් ඒක තොල් වලින් අයින් කරාම ඒ මොහොතේ ඒ තොල් දුඹුරු පාටයි... ටේහ්‍යොන්ග් කෝපි කෝප්පේ තොල ගාන වෙලාවට රස්නේ කෝපි ටේහ්‍යොන්ග්ගේ තොල් වල වැදෙනකොට ඒ තොල් දම් පාටයි... ටේහ්‍යොන්ග් හිනා වෙනකොට කතා කරනකොට ඒ තොල් රෝස පාටයි... ටේහ්‍යොන්ග්ගේ තොල් හීනීයි, දිගයි, ආකර්ශනීයයි... ජන්කුක් ඒ තොල් වලට ආස වෙන්න පටන් අරගෙන...

කාමරේ එහාට මෙහාට වේගෙන් ඇවිද්ද ජන්කුක් නාන කාමරයට ගියා... නාන කාමරයේ තියෙන පලුදු වුන කණ්නාඩියෙන් තමන්ගේ මූණ දිහා බැලුව ජන්කුක් හිනාවුනා... ජන්කුක්ට ගොඩක් සුදුපාට හමක් තියෙනවා... ඒ හම අමුතුම සුදක් ගත්තා... ජන්කුක් තේරෙන වයසේ ඉදන්න තමන්ගේ හමේ පාටට අකමැති වුනා... හැමෝම වගේ ජන්කුක්ට විහිලු කරා ජන්කුක්ට තියෙන්නේ ගෑනු ලමයෙක්ගේ හමේ පාට කියලා... ඒක නිසාම ජන්කුක් ඒකට අකමැති වුනා... ඒත් දැන් ජන්කුක්ට හිතෙන්න ගත්තා මේ පාට තමන්ට ගොඩක් ගැලපෙනවා කියලා... ඒ ඇයි කියලා ජන්කුක්ට තේරුම් ගන්න බැරිවුනා...

"මම ලස්සනයි. සොෆියා වගේම ලස්සනයි" ජන්කුක් තමන්ගේ තොල් උඩ ඇගිලි එහා මෙහා කරා... ජන්කුක්ගේ ඇගිලි වලට දැනුනේ ඒ තොල් වේලිලා වගේ... වතුර කරාමේ ඇරිය ජන්කුක් අල්ලට වතුර අරගෙන මූණ සේදුවා... තොල් ඇගිලි වලින් පිරිමැදලා වේලිලා තිබ්බ තොල් සිනිදු වෙනකම්ම පිරිමැද්දා... තොල් රතුපාට වුනාම ආයේ කණ්නාඩියට හිනාවුන ජන්කුක් කාමරේට ගියා...

soul keeper ||vkook||Where stories live. Discover now