24~ Wish on a star

1.3K 328 227
                                    

ඒ අප්‍රේල් මාසයේ සාමාන්‍ය සිකුරාදා දවසක්... සාමාන්‍ය විදියට තප්පර ගෙවෙමින් තිබුනා... සාමාන්‍ය විදියට විනාඩි ගෙවෙමින් තිබුනා... සාමාන්‍ය විදියට පැය ගෙවෙමින් තිබුනා... උදෑසන අට පසු වී විනාඩි විසිතුනක් ගත වෙලා තිබුනා...

හැමදේම සාමාන්‍යයි...

නමුත්...

ටේහ්‍යොන්ග්ගේ නිරුවත් රස්නේ පපුවෙන් ඔලුව තියාගෙන හිටිය ජන්කුක්ගේ හදවත අසාමාන්‍ය විදියට ගැහෙමින් තිබුනා...

ජන්කුක්ගේ උණුසුම් හුස්ම තමන්ගේ පපුවට දැනෙන්වත් එක්කම ඇස් ඇරලා බැලුව ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ කලුපාට කොණ්ඩේ දැක්කා... ජන්කුක් වටා ඉතා තදින් දෑත් බැදගෙන හිටිය ටේහ්‍යොන්ග් තවත් ජන්කුක්ව තමන්ගේ පලුවට තද කරගත්තා...

"ජන්කුකී නැගිටින්න අද අපිට කරන්න වැඩ ගොඩක් තියෙනවා" ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ කොණ්ඩේ කෙස් අතරින් සිනිදුවට දිග ඇගිලි යැව්වම ජන්කුක් ඇස් පොඩි කරා... "ජන්කුක්"

"ම්ම්ම්ම්ම්ම්" තවමත් නිදිමතින් ඉන්න ජන්කුක් හිමින් කෙදිරිගෑවම ටේහ්‍යොන්ග් හිනාවුනා...

"දැන් නැගිටින්න මයි ලව්, ඔයා ඊයේ කිව්වේ ඔයාට අද වැඩ ගොඩක් කරන්න තියෙනවා කියලා" ජන්කුක් පාන්දර වෙනකන් තමන්ටත් නිදාගන්න නොදී ඇග උඩ නැගගෙන මට අරක කරන්න ඕන, මෙහෙ යන්න ඕන කිය කිය හුරතල් වුන විදිය මතක් වෙලා ටේහ්‍යොන්ග් ජන්කුක්ව පපුව මත තියාගෙනම ටිකක් ඉස්සිලා ඇද විට්ටමට හේත්තු වුනා...

"ම්ම්ම්ම් තව විනාඩි පහක්" ජන්කුක් කිව්වම ටේහ්‍යොන්ග් ජන්කුක්ව එහෙමම උස්සලා උකුලට ගත්තා...

"දැන් වෙලාව නවයටත් ලගයි කුකී දැන් නැගිටින්න කෝ ඉතින්" ජන්කුක්ගේ කම්මුල් දෙකෙන් මිරිකලා අල්ලගත්ත ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ ඔලුව එහාට මෙහාට කරාම ජන්කුක් හිමින් ඇස් ඇරියා...

"මගේ කොන්ද රිදෙනවා" කොන්ද පිටිපස්ස අතගාන ගමන් කිව්ව ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ නිපල් එකක් දත් අතරට අරන් හිමින් හැපුවා...

"අහ්හ් සමාවෙන්න ඊයේ රෑ පිලිබදව" ජන්කුක්ගේ කොණ්ඩෙන් අල්ලලා අයින් කරපු ටේහ්‍යොන්ග් ඇදේ කොනටම ගිහින් කකුල් බිමින් තියලා ඉදගෙන ජන්කුක්ව අත් වලට අරගෙන නැගිට්ටා...

soul keeper ||vkook||Where stories live. Discover now