30~ MIRAGE

1.1K 309 268
                                    

1950 වර්ශය උදාවෙලා තිබුනා... කුරිරු දෙවෙනි ලෝක යුද්ධය අවසාන වෙලා තවත් අවුරුදු පහක් ගතවෙලා තිබුනා... එක සදුදා දවසක් වුන අද උදෑසන නවය වුනත් බ්‍රිතාන්‍යට දහවල් දොළහා තරම් දීප්තිමත් ලෙස ඉර පායලා තිබුනා... කුරුල්ලන්ගේ නිමාවක් නොමැති ගීත නාදයන් කාර්‍යාල කාමරේ වාඩිවෙලා විශේෂ ලියකියවිලි වගයක වැඩ කරන ගමන් හිටිය ටේහ්‍යොන්ග්ගේ කනට හිරිහැරයක් වුනා... ඔලුව එක තැනක තියාගෙන වැඩ කරගන්න බෑ කියලා දැනුන ටේහ්‍යොන්ග් නැගිට්ටා...

ඇස් කණ්නාඩි දෙක ගලවලා මේසේ උඩින් තිබ්බ ටේහ්‍යොන්ග් ගිහින් ජනේලේ වහන්න හැදුවත් ටේහ්‍යොන්ග්ගේ ඇස් බංගලාව පිටිපස්සේ තිබුන ගලාගෙන යන ගග ලග නැවතුනා... එහෙමම ටිකක් වෙලා හිටගෙන ගග දිහා බලන් හිටිය ටේහ්‍යොන්ග් සාක්කුවට අතදාලා සිගරට් පැකට් එක අරන් ඒකෙන් සිගරට් එකක් අරන් තොල් අතර තියාගත්තා... අනිත් සාක්කුවට අත දාලා ලයිටර් එක හෙව්වත් කලිසම් සාක්කු හතරෙම ලයිටර් එකක් තිබුනේ නෑ... ලයිටර් එකක් හොයාගන්න පිටිපස්සට හැරුන ටේහ්‍යොන්ග් එතනම නැවතුනා...

සුදුපාට දුහුල් ගවුමක් ඇදගෙන ජොර්ජියානා ටේහ්‍යොන්ග් පිටිපස්සේ හිටගෙන හිටියා...

"ඔහ්හ්හ් ජෝ ඔයා" සිගරට් එක තොල් අතර තියාගෙනම කිව්ව ටේහ්‍යොන්ග් එක්ක ලස්සනට හිනාවුන ජොර්ජියානා අතේ තිබ්බ ලයිටර් එකෙන් ටේහ්‍යොන්ග්ගේ සිගරට් එක පත්තු කරා... ජෝර්ජියානා පත්තු කරපු සිගරට් එකේ දුම කටින් ඇදලා අරන් නහයෙන් පිට කරපු ටේහ්‍යොන්ග් සිගරට් එක ඇගිලි දෙක අතරට අරන් ජොර්ජියානාව පපුවට තුරුලු කරගත්තා... ටේහ්‍යොන්ග්ගේ පපුවට තුරුලු වුන ජෝර්ජියානාගේ හිස් මුදුනෙන් ටේහ්‍යොන්ග් හාදුවක් තිබ්බා...

"Also Is that a best friends thing?????" ටේහ්‍යොන්ග් ගෙන් කලාතුරකින් ලැබෙන මේ වගේ හාදු වලට ආසවුන ජෝර්ජියානා ඇස් වහගෙන ඇහුවම; "Of cource" කිව්ව ටේහ්‍යොන්ග් ජොර්ජියානාව අයින් කරලා ආයේ ගිහින් පුටුවෙන් ඉදගත්තා...

"ජෝ~ ඒක ලස්සනයි ටේහ්‍යොන්ග් සමහර වෙලාවට ඔයා මට ඒක කියනවා" එක අතක දබර ඇගිල්ලත් මැද ඇගිල්ලත් අතර සිගරට් එක තියාගෙන අනිත් අතින් ලියකිවිලි එහෙ මෙහේ කරන ටේහ්‍යොන්ග්ගේ අතේ මස්පිඩු දිහා බලාගෙන කිව්ව ජෝර්ජියානාගේ කම්මුල් දෙක රෝසපාට වුනා...

soul keeper ||vkook||Where stories live. Discover now