19~ Disapointed

1.4K 388 165
                                    

වේදනාවෙන් අඩි තියන ගමන් ටේහ්‍යොන්ග් එක්ක නැවේ උඩ කොටසට ආව ජන්කුක් සෙනග පිරිලා ඉන්න තැනට ගිහින් හිටගත්තා... පිට කොන්දේ ඉදන් පහලට යනකන් තවමත් හිරිවැටිලා තිබුනත් ජන්කුක් යටි තොල හපාගෙන හැමෝම බලන් ඉන්න පැත්ත බැලුවා... ඒ එක්කම ජන්කුක් ලගම හිටගෙන හිටිය ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ ඉනවටේ අත් යවලා අල්ලගන්නකොට ජන්කුක් ඇස් ලොකු කරගෙන ටේහ්‍යොන්ග් දිහා බැලුවම ටේහ්‍යොන්ග් හිනාවුනා...

"බයවෙන්න එපා ජන්කුක් අපි ඉන්නේ හැමෝටම පිටිපස්සෙන් කාටවත් අපිව පේන්නේ නෑ" තවත් ජන්කුක්ගේ ඉන මිරිකලා අල්ලගත්ත ටේහ්‍යොන්ග් නැවේ බදට හිමින් ජන්කුක්ව හේත්තු කරා...

වෙන කිසිම දෙයක් ගැන අවබෝධයක් නැවේ කිසිම මගියෙක්ට තිබුනේ නෑ... හැම කෙනාම එකම තැනකට රැස් වෙලා තම තමන්ගේ අය එක්ක කතා කරමින් හිටියා...

"හොදයි අපිට සමාවෙන්න හැම කෙනෙක්ම ඒත් අපි ඔයාලව මෙහෙම රැස් කරේ අපිට ඉහලින් ලැබුන අණක් නිසා, කරුණාකරලා හැම කෙනෙක්ම තම තමන්ගේ පුද්ගලික හදුනාගැනීමේ පත අතට අරන් දැන් නැවට ගොඩවෙන ඕස්ට්‍රේලියානු හමුදා බටයින්ට ඔබගේ සහයෝගය පල කරන්න ස්තූති" නැවේ කපිතාන් මයික්‍රපෝනයෙන් ඒ විදියේ පණිවිඩයක් දුන්නම ටේහ්‍යොන්ග් කට කොනකින් හිනාවුනත් ජන්කුක් නොසන්සුන් වුනා...

ජන්කුක්ට කිසිම හදුනාගැනීමේ පතක් තිබුනෙ නෑ... අඩුම ගානේ ජන්කුක් කවුද කියලා ජන්කුක්ටවත් මතක තිබුනේ නෑ... ජන්කුක් අතේ ඇගිලි එකට ගුලි කරගෙන යටිතොල තදින් හපන ගමන් හයියෙන් හුස්ම ගන්න ගත්තම ටේහ්‍යොන්ග් ජන්කුක් දිහා බැලුවා...

"ඔයා බයවෙලාද ජන්කුක්" ටේහ්‍යොන්ග් හිනාවෙලා ඇහුවම ජන්කුක් ඔලුව වැනුවා... ටේහ්‍යොන්ග්ගේ ලස්සන හිනාවට මේ බයවෙලා ඉන්න අතරෙත් ජන්කුක් සම්පූර්ණ ආකර්ශනය වෙලා හිටියේ...

ඔව් ජන්කුක් බයවෙන්න ඕන මොකද මේ වගේ කලබල පැවතෙන කාලෙකදී තමන් ලග හදුනාගැනීමේ පතක් නෑ කියන එක භයානක දෙයක් කියලා ඕනම කෙනෙක් දන්නවා...

"ඔයා නැවට නැග්ගේ ජන්කුක් කිම් විදියට අමතක වුනාද මගේ සහෝදරයට" ටේහ්‍යොන්ග් සැහැල්ලුවෙන් කියනකොට ජන්කුක් ඒ දිහා පුදුමෙන් බැලුවා... ජන්කුක් කිම් කියලා පොතේ ලියවුනාට ඔප්පු කරන්නේ කොහොමද... ජන්කුක් ඒක ගැනම හිතලා පුලුවන් තරම් තදින් තොල් හපාගත්තා...

soul keeper ||vkook||Where stories live. Discover now