20~Whats going on

1.3K 364 121
                                    

ජන්කුක් ජනේලෙන් පේන නිල් අහස දිහා බලන් හිත සංසුන් කරගන්න කොච්චර උත්සහා කරත් ඒක කරන්න බැරි වුනේ හිත ඇතුලෙන් දැනුන අමුතු නොසන්සුන්කම එක්කම ටේහ්‍යොන්ග්ගේ අමුතු හැසිරීම ආයේ ආයේ මතකයට එන නිසයි... ඒ එක්කම ජන්කුක් ගැස්සුනේ කාමරේ ඇතුලෙන් ඇහුන සපත්තු අඩි සද්දයක් නිසා... ඔලුව හරවලා බැලුව ජන්කුක් එහෙමම ගල්වුනා...

මෙච්චර දවසක් දැකලා තිබ්බ ටේහ්‍යොන්ග්ට වඩා හාත්පසින්ම වෙනස් කඩවසම් ගාම්භීර රූපයක් තමන්ගේ ඇස් ඉස්සරහා පේනකොට ජන්කුක් නැගිටලා ඇදෙන් ඉදගත්තා....

ටේහ්‍යොන්ග්ගේ ඇදගෙන ඉන්න හැමදේකින්ම ගාම්භීරබව, ධනවත්කම හොදටම පේන්න තිබුනා... ටේහ්‍යොන්ග් නිතරම වගේ අදින්නේ Grabielle coco chanel වර්ගේ ෆුල් සූට්... ටේහ්‍යොන්ග්ගේ මී පැණිපාට හමට අලුපාට ඇදුම් ගොඩක් ගැලපුනා... ටේහ්‍යොන්ග් නිතරම වගේ අලුපාට, බේජ්පාට ඇදුම් ඇන්දා... ටේහ්‍යොන්ග්ගේ තොල් අතර smoking pipe එක තිබුනා... ඇස් පිල්ලම් නොගහම ජන්කුක් ටේහ්‍යොන්ග් දිහා බලන් හිටියා... ටේහ්‍යොන්ග් හිනාවෙලා ඇවිත් ජන්කුක් ලගින් ඇදේ ඉදගත්තා...

"ඔයා කොහෙද යන්නේ ටේහ්‍යොන්ග්" ටේහ්‍යොන්ග්ගේ උරහිසකින් අත තිබ්බ ජන්කුක් ඒ උරහිස හීනී ඇගිලි වලින් තෙරපන්න ගත්තම ටේහ්‍යොන්ග් ඇස් වහගෙන බෙල්ල ඇල කරගත්තා...

"අද මට ලොකු වැඩක් තියෙනවා ජන්කුක් කන්ෆරන්ස් එකක්"

"ඔහ්හ් එහෙමද ඒත් ඔයා කිව්වේ අපි ආවේ විනෝද ගමනක් කියලනේ" ඊයේ හවස ගෙදරින් ගිය ටේහ්‍යොන්ග් අද උදේ ගෙදර ආව එක ජන්කුක්ට ප්‍රශ්නයක් වෙලා තිබුනා... ටේහ්‍යොන්ග් කොහේ ගියාද කියලා ටේහ්‍යොන්ග් කිව්වෙත් නෑ ජන්කුක් ඇහුවෙත් නෑ... ඊයේ රෑ එලිවෙනකන් මේ ලොකු බංගලාව ඇතුලේ ජන්කුක් තනියෙම හිටියා...

"නැවේ ගත කරපු රැයවල් තුනම අපි කොච්චර හොදට විනෝද වුනාද ජන්කුක්" smoking pipe එකෙන් දුම ඇදලා ගත්ත ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ කම්මුල මිරිකලා අල්ලගෙන දුම එක්කම ජන්කුක්ගේ තොල් උඩින් තොල් තිබ්බම ජන්කුක් කට ඇරියා... ඒ එක්කම ටේහ්‍යොන්ග් දුම ජන්කුක්ගේ කට ඇතුලට යවලා ඒ තොල් තදින් සිපගන්න පටන් ගත්තම ජන්කුක් තවත් තදින් ටේහ්‍යොන්ග්ගේ උරහිස ඇගිලි අතර තෙරපුවා...

soul keeper ||vkook||Wo Geschichten leben. Entdecke jetzt