29~This love, I'll never let it die

1K 309 191
                                    

"මට කියනවා ෆ්‍රෙඩ්" ටේහ්‍යොන්ග් තද රතුපාටට හැරිලා තියෙන ඇස් වලින් ෆ්‍රෙඩ් දිහා බැලුවම ෆ්‍රෙඩ් එතනම ගල්වුනා... සති දෙකකින් ඉවර කරන්න තිබුන සවාරිය සතියකින් ඉවර කරලා ආව ටේහ්‍යොන්ග් එකපාරටම හොස්පිටල් එකට ඇවිත් මුලු කාර්‍යාල කාමරේම තිබ්බ බඩු එකක් නෑර කුඩු කරලා දාලා කාමරේම වනසලා දානකන් ෆ්‍රෙඩ් කාමරේ කොනක තිබ්බ පුටුවෙන් වාඩිවෙලා බලාගෙන හිටියා...

ටේහ්‍යොන්ග් මේ තරම් දරුණු විදියට හැසිරෙන්නේ ජන්කුක් නිසා කියලා දැන දැනමත් ඒක එහෙම නෙමෙයි කියලා ෆ්‍රෙඩ් තමන්ගේ හිතට තේරුම් කරන්න උත්සහා කරන ගමන් ඔලුව උස්සලා ටේහ්‍යොන්ග් දිහා බැලුවා... ටේහ්‍යොන්ග්ගේ මුලු මූණම රතුවෙලා තිබුනා, කොණ්ඩේ තනිකරම අවුල් ජාලාවක් වගේ... ශර්ට් එකේ බොත්තම් හතරක් කැඩිලා විසිවුනේ කොහොමද කියලා ඒ සිදුවීම ඇස් දෙකටම දැකලත් ෆ්‍රෙඩ්ට විස්වාස කරන්න අමාරු වුනා... කබාය කාමරේ කොනක බිම වැටිලා තිබුනා...

"ටේහ්‍යොන්.." ෆ්‍රෙඩ් කතා කරන්න හැදුවා නමුත් ටේහ්‍යොන්ග්;

"කට වහපන් ෆ්‍රෙඩ්, ඇයි ජන්කුක් හොස්පිටල් එකට එන්න කලින් නවත්තන්න බැරිවුනේ මේක ගල් යුගයද ෆ්‍රෙඩ් අර ෆෝන් එකෙන් යුනිවර්සිටි එකේ ඔෆිස් එකට කතා කරන්න බැරිවුනේ ඇයි- කියපන් ඇයි ෆ්‍රෙඩ්" ෆ්‍රෙඩ් ලගට ගිය ටේහ්‍යොන්ග් ෆ්‍රෙඩ්ගේ කොලර් එකෙන් අල්ලලා ෆ්‍රෙඩ්ව උස්සලා ගත්තා...

"අත ඇරපන් ටේහ්‍යොන්ග් උබට පිස්සු හැදිලද, මට කරන්න කිසිම දෙයක් ඒ වෙලාවේ තිබුනේ නෑ. උන් එකපාරටම කඩාගෙන වැදුනා ඊටපස්සේ මගේ මූණට ජන්කුක්ගේ ෆයිල් එකෙන් දමලා ගැහුවා ඒ වෙලත් උබ කියන්නේ ඒ ඔක්කොම මග ඇරලා ගිහින් ජන්කුක් එන එක නවත්තන්න කියලද" ටේහ්‍යොන්ග්ගේ අත් දෙකෙන් අල්ලගත්ත ෆ්‍රෙඩ් කෑගහලා කිව්වම ටේහ්‍යොන්ග් ෆ්‍රෙඩ්ව තල්ලු කරලා දැම්මා... ෆ්‍රෙඩ් පුටුව එක්කම බිම වැටුනම ටේහ්‍යොන්ග් දොර ඇරගෙන එලියට ගියා...

"නවතින්න ටේහ්‍යොන්ග් කොහෙද යන්නේ" ඉක්මනට නැගිට්ට ෆ්‍රෙඩ් ටේහ්‍යොන්ග්ගේ පස්සෙන් දුවගෙන ගියා... කොරිඩෝ එක දිගේ වේගෙන් ඇවිදගෙන යන ටේහ්‍යොන්ග්ගේ අතින් ඇදලා ගත්ත ෆ්‍රෙඩ් ටේහ්‍යොන්ග්ව එතනම බිත්තියට තියලා තද කරා...

soul keeper ||vkook||Where stories live. Discover now