03~Take Me To The Church

1.7K 471 80
                                    

ටේහ්‍යොන්ග් නැගිටලා ගිහින් ජන්කුක් ඉදගත්ත පුටුවෙන් කකුලක් උඩ කකුලක් දාලා ඉදගත්තා... යටිතොල ඇගිලි අතර තෙරපන ගමන් ටේහ්‍යොන්ග් කල්පනා කරේ පටන් ගන්න තැනක්... ජන්කුක් දිහාම බලන් හිටිය ටේහ්‍යොන්ග්ට මතක් වුනේ උදේ ජන්කුක් වෙනුවෙන් කඩාගත්ත මල් පොකුර... කලබලෙන් නැගිට්ට ටේහ්‍යොන්ග් දොර පැත්තට ඇවිදගෙන යනකොටම නර්ස් කෙනෙක් ජන්කුක්ගේ කෑම එක අරන් ආවා...

"ඔහ්හ්හ් ඩොක්ටර් සොරි" නර්ස් දොරෙන් එනවත් එක්කම ටේහ්‍යොන්ග් දොරෙන් එලියට යන්න හදනකොටම වගේ නර්ස් ආව නිසා නර්ස් ටේහ්‍යොන්ග්ගේ ඇගේ නොවැදී බේරුනේ නූලෙන් නිසා නර්ස් සමාව ගත්තා...

"ඔහ්හ්හ් ඒකට කමක් නෑ" නර්ස්ට පොඩිවත් අවදානයක් නොදී දොරෙන් එලියට ගිය ටේහ්‍යොන්ග් නිසා නර්ස් ඇනා ටේහ්‍යොන්ග්ගේ පලල් උරහිස් එක්ක පිටිපස්සට පේන ටේහ්‍යොන්ග්ගේ ඇග දිහා කෑදරකමින් බලන් හිටියා.. "අහ්හ් ඩොක්ටර් මාව මෙච්චරම රිජෙක්ට් කරන්න මගේ තියෙන අඩුව මොකද්ද" කියව කියව ගිහින් ඇනා ජන්කුක්ගේ කෑම ට්‍රේ එක හයියෙන් මේසෙන් තිබ්බා... ඒ සද්දෙට බය වුන ජන්කුක් ඇදෙන් බැහැලා ගිහින් ඇදත් බිත්තියත් අතර තියෙන පොඩි කොටසේ හැංගුනා...

ජන්කුක් කඩවසම් තරුණයෙක්... ජන්කුක්ව දැක්කම ජන්කුක්ට මේ වගේ ලෙඩක් තියෙනවා කියලා හිතන්න බැරි තරම් ජන්කුක් පෙනුමයි...

"මෙහෙ එන්න කෑම ගෙනාවා" ඇනා ටිකක් සද්දෙන් කිව්වම ජන්කුක් දණහිස් අතරේ ඔලුව තියාගත්තා...

"මෙහේ එනවා" ජන්කුක් ලගට වේගෙන් ගිහින් ඇනා ජන්කුක්ගේ අතින් ඇද්දා... ජන්කුක් ඇස් දෙක ලොකු කරගෙන ඇනා දිහා බලලා ඔලුව දෙපැත්තට වැනුවා...

"එන්න නේද කිව්වේ" තරහෙන් දත්මිටි කාගෙන ජන්කුක්ව බිම දිගේ ඇනා ඇදගෙන ගියා...

ජන්කුක් කාලෙක ඉදන් ගෑනු අයට බයයි... ඒකට හේතුව ජන්කුක්ගේ හිතේ ජන්කුක් තදින්ම අගුලු දාලා තිබ්බේ... ජන්කුක් දිගටම ඔලුව දෙපැත්තට වනන ගමන් කෙදිරිගෑවා...

"ඒයි ඇනා ඕක නවත්තනවා" එකපාරටම කාමරෙ දෙදරන්න ඇහුන සද්දෙට ජන්කුක් වගේම ඇනාත් බයවුනා... කලබලෙන් වගේ ඇවිත් අතේ තිබ්බ ලැවෙන්ඩර් මල් පොකුර මේසේ උඩින් තිබ්බ ටේහ්‍යොන්ග් ඇනා දිහා තරහෙන් බැලුවා...

soul keeper ||vkook||Where stories live. Discover now