15~ Christmas Day

1.4K 410 102
                                    

සීතල දෙසැම්බර් මාසයේ ලන්ඩන් නගරය නත්තල වෙනුවෙන් ලෑස්ති වෙලා තිබුනා... හිමෙන් වැසුන පාරවල්, නත්තල සැරසිලි වලින් මුලු බ්‍රිතාන්‍යම ලස්සන වෙලා තිබුනා... හැම කෙනෙක්ම තමන්ගේ ගෙවල් වල පවුලේ අය එක්ක රෑට එළෙබෙන නත්තල සමරන්න සූදානම් වෙමින් හිටියා... නත්තල... අපි හැමෝම ආදරය කරන නත්තල... නමුත් ජන්කුක් පලවෙනි වතාවට සමරන නත්තල වුනා... ජන්කුක් කලින් කවදාවත් නත්තල සමරලා තිබුනේ නෑ...

රුසියාවේ ජන්කුක්ගේ ගෙදර කවදාවත් නත්තල් සාදයක් පැවතුනේ නෑ... කවදාවත් ඒ ගෙදර නත්තල් ගසක් කවුරුත් හැදුවෙත් නෑ...

ජන්කුක් පොඩි කාලේ ඉදන්ම නත්තලට ආස වුනා... ඒත් කවදාවත් ජන්කුක් නත්තල සමරලා තිබුනේ නෑ... ජන්කුක්ගේ පොඩි කාලේ මතක ගොඩක් දුරට අපහැදිලි මතක වුනා... ජන්කුක් විවිධ මතකයන් අතරේ තනිවුනා...

ජන්කුක් හිටියේ තද නින්දක... ජන්කුක් හීනෙන් ලොකු නැවක් දැක්කා... අවුරුදු හය හතක පිරිමි ලමයෙක් පොඩි ඇදුම් කඩමල්ලක් කරේ එල්ලගෙන විශාල නැවේ කවුරුන් හෝ හොයමින් නැව පුරාම ඇවිද්දා... ඒ පිරිමි ලමයා කියන නම පැහැදිලිව ඇහුනේ නැත්ත ජන්කුක් ඒ කටහඩට හොදට කන් දුන්නා... නින්දෙන්ම ඇස් පොඩි කරගෙන ජන්කුක් හීනෙන් ඒ පිරිමි ලමයා පස්සෙන් දුවගෙන ගියා... ටිකක් දුර ගිහින් නැවතුන පිරිමි ලමයා නැවේ බදට වාරුවෙලා මුහුදට එබුනා... ඒ පිරිමි ලමයා වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දී ජන්කුක් දුවලා ගිහින් අල්ල ගන්න හැදුවත් පිරිමි ලමයා මුහුදට වැටුනා...

"එපා!!!!!" හයියෙන් කෑගහගෙන නැගිට්ට ජන්කුක්ගේ මුලු ඇගම දාඩියෙන් පෙගිලා තිබුනා... ජන්කුක්ගේ කාමරේ ජනේලේ ලග හිටිය ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ කෑගැහිල්ල නිසා ඇද ලගට දුවගෙන ආවා...

"කුකී" ඇදේ කොනෙන් ඉදගෙන ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ අතකින් අල්ලගත්තා...

"ඩො.. ඩොක්ටර්" ජන්කුක් ටේහ්‍යොන්ග් ලගට නැවිලා ටේහ්‍යොන්ග්ව බදාගත්තා... ජන්කුක් වටේ අත් යැව්ව ටේහ්‍යොන්ග් ජන්කුක්ව ඇගට තද කරගත්තා... පිජාමා එකෙන් විතරක් වැහිලා තිබුන ජන්කුක්ගේ ඇගේ රස්නේ ටේහ්‍යොන්ග්ට හොදටම දැනුනා... ජන්කුක්ගේ පිට දිගේ අත් යැව්ව ටේහ්‍යොන්ග්ට ඒ පිට තෙත් වෙලා තියෙනවා දැනුනා...

soul keeper ||vkook||Where stories live. Discover now