"මොකද්ද ඔයාගෙන් මට වුන සමාව දෙන්න බැරි ලොකු වැරැද්ද My Love"
සිහින් කටහඩක් කන ලගින් ඇහෙනවත් එක්කම සිනිදු සීතල ඇගිලි කම්මුල පුරා යනකොට ටේහ්‍යොන්ග් ඇස් ඇරලා බැලුවා...
"ජ-ජ-න්-කු-ක්" ඇස් ඇරලා බලපු ටේහ්‍යොන්ග් තමන්ගේ ඉස්සරහා දණ ගහගෙන ඉන්න ලස්සන දීප්තිමත් හිනාවකින් මුව සරසගෙන ඉන්න ජන්කුක්ව දැක්කා... ජන්කුක්ගේ කලු බෝල ඇස් දෙක මැණික් කැට දෙකක් වගේ දිලිසුනා... ටේහ්‍යොන්ග්ට මොහොතකට හුස්ම ගන්න පවා අමතක වුනා...
ජන්කුක් තවමත් ඒ විදියටම හිටියා... අමුතු සුදුපාට හම... කලු බෝල ලොකු ඇස්... ඒ ඇස් වලින් කියවෙන ගැඹුරුබව... රෝසපාට කම්මුල්... රතුපාට තොල්පෙති... ඒ හුරතල් පෙනුම... වෙනස් වෙලා තිබුන එකම දේ තවත් ලස්සන වෙලා තිබුන එක විතරයි...
"මේ-ක හී-න-ය-ක්" ටේහ්‍යොන්ග් එහෙමම හිටියා... තප්පරයක්.. විනාඩියක්... විනාඩි පහක්... විනාඩි විස්සක්... විනාඩි තිහක්... පැයක්... ඔව් ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ දිලිසෙන කලු බෝල ඇස් දිහා පැයක් සමහරවිට ඊටවඩා එක එල්ලෙම බලන් හිටියා... තවමත් ජන්කුක්ගේ සිහින් රෝසපාට ඇගිලි තුඩු ටේහ්‍යොන්ග්ගේ දකුණු කම්මුල මත තිබුනා...
"මේක හීනයක් නෙමෙයි නම්" ජන්කුක් සිහින් කටහඩකින් හුරතල් විදියට කිව්වම ටේහ්‍යොන්ග් තවමත් එහෙමම හිටියා... ටේහ්‍යොන්ග්ගේ ඇස් දෙක හිතාගන්න බැරි තරම් විශාල වෙලා තිබුනා... අමුතු සද්දයක් එක්ක එකපාරටම හිනාවුන ජන්කුක් කකුල් දෙක දණහිස් වලින් නවලා ඒ මත ඉදගත්තා...
"දෙවියනේ ටේහ්‍යොන්ග් කතා කරන්න මේ මම" ටේහ්‍යොන්ග්ගේ කකුල උඩින් අත තියපු ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ කකුල හෙලෙව්වා...
ටේහ්‍යොන්ග්ට කතා කරන්න ඕනවුනා... ඒත් ටේහ්‍යොන්ග් කතා කරන්නේ කොහොමද?? අවුරුදු නවයක් බලාපොරොත්තුවෙන් හිටිය ඒ රූපේ තමන්ගේ ඉස්සරහා නොසිතූ මොහොතක ඉන්නකොට ටේහ්‍යොන්ග් කතා කරන්න ඕනද?? ටේහ්‍යොන්ග්ට කතා කරන්න පුලුවන්ද??
YOU ARE READING
soul keeper ||vkook||
Fanfiction"හුස්ම ගන්න එකයි, ආදරේ කරන එකයි දෙකෙන් එකක් තෝරගන්න වුනොත් මම ඔයාට ආදරෙයි කියලා කියන්න මගේ අන්තිම හුස්ම පොද පාවිච්චි කරනවා ටේහ්යොන්ගී" "මේ 'Limestone' එක මගේ 'soul' එක කියලා මම විස්වාස කරනවා ජන්කුක්.. මට ඕන ඒකේ 'keeper' ඔයා වෙන්න" "ඩොක්ටර්ට ඕන මම...