32~ Love Is ?

1.2K 320 361
                                    

ජීවිතය මේ වගේද??

හරියට නිමාවක් නැති අනන්තය වගේ...

නැත්නම් අනන්තය පෙනි පෙනිත් ඒ අනන්තය නෙමෙයි තව ඉස්සරහට යන්න පුලුවන් කියලා හිතෙන නිමාවක් නොමැති ගමනක්.... හැමෝම දන්න ජීවිතය කියන්නේ ඒක...

නමුත් ජන්කුක්ගේ ජීවිතය ඒක නෙමෙයි... ජන්කුක්ට ඕන නවතින්න... නිමාවක් නොමැති මේ ජීවිත ගමනේ ජන්කුක්ට ඕන ගමනාන්තයට ගමන් කරන්න... නමුත් ජන්කුක්ට ඒ ගමනාන්තය හොයාගන්න අපහසු වුනා... හොයාගත්ත දවසක ජන්කුක් නවතීවී... සදහටම...

උදේම පිපුන රෝස මලකටත් වඩා ලස්සන පියකරු බවක් තියෙන ජන්කුක්ගේ දිලිසෙන සුදුපාට හම මත වතුර බිංදු තවමත් රැදිලා තිබුනා... තෙත කොණ්ඩේ සුදුපාට පොඩි තුවායකින් පිහිදන ගමන් ජන්කුක් නාන කාමරයෙන් එලියට ආවා... අවටින් දැනුන සීතල නිසා බාත්රොබ් එක අතින් ගුලි කරගෙන ඇදුම් කබඩ් එක ලගට ගිය ජන්කුක් ලස්සන හිනාවකින් මුව සරසගෙන අලුත්ම ඇදුම එලියට ගත්තා... ඒක හරියට එයාගේ ඇදුම වගේමයි...

ඒ ඇදුමෙම අලුපාට එකක් ඇදගෙන ටේහ්‍යොන්ග් එනකොට කොච්චර කඩවසම් ඇතිද? ජන්කුක්ගේ කම්මුල් දෙක එක තප්පරයකින් රෝසපාට වුනා... ටේහ්‍යොන්ග්ගේ කඩවසම් බව තවමත් ජන්කුක්ව එක ක්ශනයෙන් ආකර්ශනය කරගන්න එක ජන්කුක්ට පවා පුදුමයක් වුනා... ටේහ්‍යොන්ග්!!

"They asked me how I know
My true was true
Oh-oh-oh, I, of course replied
Something here inside
Cannot be danied"

මේ දවස් වල ජන්කුක්ගේ කටේ වැඩිපුරම තියෙන සිංදුව The platters සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායක Tony william ගායනා කරන පද පේලිය හිමින් ඒ තාලෙටම කියන ගමන් ඇදුම කබඩ් එකෙන් එලියට ගත්ත ජන්කුක් වටයක් කැරකිල හිටගත්තා... ඇදුම පපුවට තද කරගෙන එහෙමම හිටිය ජන්කුක්ට ගැඹුරු කටහඩක් ඇහුනා...

"They said, 'someday you'll find all who love are blind' oh-oh-oh" ජන්කුක් කිව්ව සිංදුවේ ඊලග පද පේලිය සම්පූර්ණ කරපු ටේහ්‍යොන්ග් කාමරේ දොර ලග හිටගෙන හිටියා... ටේහ්‍යොන්ග්ගේ ගැඹුරු කටහඩ ජන්කුක්ගේ තවත් එක් දුර්වලතාවයක්... එකම එකක් විතරයි...

soul keeper ||vkook||Where stories live. Discover now