10. නමක් නැති පරිච්ඡේදයක්

173 46 15
                                    

ඇසුවේද කවුරුන් හෝ නුඹෙන්
හැඬුවේ ඇයි ද මාගේ නමින්

විමසා නැතිද කිසිදා ඔබත්
කඳුලින් තුරන්වූ ජීවයක්

ටැංක ටෑං...

හායිම්...

මම ආවා...

.......................................................

ඔන්න ඉතින් කොහොමින් කොහොමින් හරි බීටීඑස්ලා මගුලේ ගමට යන දවසත් උදා උනා...

ජිනයියගේ කටේ බලයෙන් උදේ පාන්දර හැමෝවම ඇහැරව ගෙන නිදිමරගාතෙම කට්ටියව ලෑස්ති කර ගත්තා...
උදේ කෑමත් කාලා , ටිකක් වෙලා යනකොට guide වාහනෙත් අරගෙන ආවා...

ඔන්න ඉතිං වාහනේට නැගලා හැමෝම හා හා පුරා කියලා මගුලේ ගමට යන්න පිටත් වුනා...
යන මග දිගට මෙයාලට ඉතිං ප්‍රශ්න ගොඩයි guide ට එපා උනා මෙයාලට උත්තර ම දීලා...

හරියට පොඩි ලමයි වගේ...
අර මොනාද , අර කඩේ මොනාද තියෙන්නෙ , අරක ලස්සනයි ද , ඒ මොකක්ද , මේ හැමදේම මෙයාලට ප්‍රශ්නයක්...

ඔන්න ඉතින් කට්ටිය පැය අටක ටිකක් දුෂ්කර ගමනකින් පස්සේ , ලොකු කන්දක් ළඟ තිබ්බ අඩිපාරක් වගේ තැනක වාහනය නැවැත්තුවා... guide වාහනෙන් බැස්සා...

guide :- මෙතන ඉඳලා කිලෝමීටර් පහක් අපිට පයින් තමා යන්න වෙන්නේ ... කිසිම වාහනයකට යන්න බැහැ ... ටිකක් විතර දුෂ්කර ගමනක්...
(ගයිඩ් එහෙම කිව්වේ සිංහලෙන් ...)

තේයොන්ග් :- දුෂ්කර කියන්නේ මුකක්ඩ තෙක්ලා...

ටෙක්ලා :- නැහැ ... ඒක ටිකක් යන්න අමාරුයි ... කටු පඳුරු මැද්දෙන්... රූස්ස ගස් මැදින් ... ටිකක් යන්න අපහසු ගමනක්... ඒකයි දුෂ්කර කියන්නේ ...

තේයොන්ග් :- අහ්... එහෙමද... හරි...

නම්ජූන් :- එහෙනම් අපි යමු...

කට්ටියත් එක්කම දැන් කැලේ මැද්දෙන් ඇවිදගෙන යනවා... හරියටම කිලෝමීටර් දෙකහමාරක් ගියාට පස්සේ කට්ටියම පොඩ්ඩක් විවේක ගත්තා...
කොහොමින් කොහොමින් හරි පැය දෙකක ගමනකින් පස්සේ හැමෝම දැක්කේ මගුලේ ගමට තියෙන ඇතුල්වීම...
ඇතුල් වෙන තැන නාම පුවරුවක් ගහලා තිබුනා ... ලී වලින් හදපු ලස්සන නාම පුවරුවක් ... ඒකේ තීන්තෙන් මගුලේ ගම කියලා ලියලා තිබුනා ...

එකෝමත් එක කාලෙක ...👀 (ඔන් හෝල්ඩ්)Where stories live. Discover now