13.නමක් නැති පරිච්ඡේදයක්

122 26 13
                                    

(සැලකිය යුතුයි:ආරච්චි මහත්තයා හිතාගෙන ඉන්නේ ටෙක්ලා කියන්නෙත් කොල්ලෙක් කියලා... ඒ වගේම එයාගේ නම ටෙරෝන් කියලා ...)

ටෙරෝන් මහත්තයා... ආරච්චි මහත්තයා ටෙක්ලාට කතා කලා...

ආරච්චි මහත්තයා :- අපි ටිකක් කතා කරමුද ...?

ටෙරෝන් :- ඔව් කියන්න ආරච්චි මහත්තයා ...

ආරච්චි මහත්තයා :- මේකයි ඔය මහත්තයට විතරනේ සිංහල තේරෙන්නේ... අනිත් මහත්තුරුන්ට හොඳටම බෑනේ ... දැන් මම ඔයාලට නවතින්න තැනක් නැති කොට නවාතැන කුත් දුන්නනේ... ඉතිං ඒකට මට ඔයාගෙන් උදව්වක් ඕනේ... උදව්ව තමයි , මගේ ලොකු දෝනියැන්දෑව බන්දලා දාන්න ඕනේ... ඉතින් මම කැමැතියි අර ඇවිල්ල ඉන්න පිටරට මහත්තුරු හත්දෙනාගෙන් කෙනෙක්ට මගේ ලොකු දෝනිව බන්දලා දෙන්න ... ඉතින් ඒ මහත්තුරුන්ව රවට්ටලා මගේ ලොකු දෝණිව ඒ කෙනෙක්ට බන්දලා දෙන්න මට ඔය මහත්තයාගේ උදව් ඕනේ ... මම නම් කැමති අර හුරතල් පාට ටිකක් කොට පොඩි මහත්තයට... ඔය මහත්තයා කොහොමහරි ඒ මහත්තයව රවට්ටන්න ඕනේ , රවට්ටලා මගේ දෝණිව බන්දලා දෙන්න ඕනෙ ... හරිද...???

මේ කතාව ඇහුවම නං ටෙක් ලාට හොඳටම තරහ ගියා... එයා පුටුවෙන් නැගිට්ටේ තරහින් ... හොඳටම තරහින්... තරහ වැඩිකමට පුටුවටත් පයින් පහරක් ගහලා ...

ටෙරෝන් :- මේ ආරච්චි මහත්තයා මේ ...

ටෙක්ලා කෑගැහුවේ තරහෙන් පුපුරන ගමන්...

තමුන්නැහේ ගේ ලොකු දුවව බන්දලා දෙන්ඩ ලොකු දුවට ගැලපෙන කෙනෙක් හොයාගන්න එකයි ඇත්තෙ... ඒ ඇවිල්ල ඉන්න මහත්තයට ඔහේගෙ දුවව බන්දලා දුන්නොත් හොදට තියෙයි... ඔහේගේ දුවේ ඒ මහත්තයා වගේ දෙගුනයක් විතර නාකියි... අනිත් එක අපිට තමුන් උදව් කරේ උදව්වක් බලාපොරොත්තුවෙන් කියලා අපි දැනන් හිටියේ නෑනේ... දන්නවනං අපි මේ ගමේ පස් පාගන්න එන්නේ නැහැ ...

ටෙක්ලා ගේ තරහ දැකපු  ආරච්චි මහත්තයා confused unga Bunga වුණා... එයා හිතුවෙ අතීත කාලෙ හිටපු පාවාදෙන්නො වගේම ටෙක්ලාත් එයාගෙ යාලුවො පාවල දෙයි කියලා ... ඒත් ඒක ඒ විදියට සිද්ධ නොවෙද්දි ආරච්චි මහත්තයා පසුබැස්සා... ටෙක්ලා ගෙ හැකර කට ඉස්සරහ  ආරච්චි මහත්තයාගේ ඔද බිඳුනා ...

ආරච්චි මහත්තයා:- හරි හරි මහත්තයා ... ඕනෙ නෑ ඕනෙ නෑ... ඔයාලට ඇති තරම් කාලයක් මෙහෙ නැවතිලා ඉන්න ... කිසි ප්‍රශ්නයක් නෑ මට ඕනේ ඇති උදව්වක් නෑ...

ටෙරෝන් :- හ්හ්...

බෙල්ල ගස්සපු ටෙක්ලා හයියෙන් ඇවිදලා අනිත් අය හිටපු කාමරේට යන ගමන් හිතුවේ දැන් එයාලට කියන බොරුව මොකක්ද කියලා ... ඇයි ඉතින් දැන් ගියපු ගමන් ඇයි ආරච්චි මහත්තයා කතා කරේ කියල ප්‍රශ්න කරනවානේ... එයා කාමරේ තියලා ආවේ ප්‍රශ්න පත්තර හතක් කියලා මතක් වෙනකොට ටෙක්ලා ගෙ ඔලුවට පොල්ලෙන් ගැහුවා වගේ හැඟීමක් tekla ට දැනුනා ...










........................................................................................


මම යස්සයා...😈

එකෝමත් එක කාලෙක ...👀 (ඔන් හෝල්ඩ්)Where stories live. Discover now