12. නමක් නැති පරිච්ඡේදයක්

133 27 28
                                    

මතකද මාව...
මාව අමතක උනාට කමක් නෑ කතාව අමතක කරන්න එපා ...

ඕකේ එහෙනම් අපි කතාවට යමු ...
...........................................................................................

මෙහෙම කරමු ඔයාල කට්ටිය ඇඳන් දෙකේ නිදාගන්න මම මේකේ නිදාගන්නම්..
ටෙක්ලා කිව්වේ දකුණු අතින් එයා ගාව තිබ්බ කවිච්චිය පෙන්නන ගමන්....

මගුලෙ ගම කියන්නේ ගොඩාක් දියුණු පැත්තක් නෙවෙයිනේ . ඉතිං ඒ ගොඩක් බඩු තිබ්බේ පරණ තාලේ ඒවා ... ඉතිං ටෙක්ලා ඔය කවිච්චිය කියලා පෙන්නුවේ පරණ තාලේ සෝෆා එකකට ...

ඒක එච්චර හරි නැහැ නේ ... අර නිකන් ගෑනු ළමයෙක්ට ගරු කරේ නැහැ වගේ නේ...
namjoon කිව්වේ අකුරටම තිතටම හිතන ගමන් ...

අයියෝ අපිට මෙතන නීතිගරුක වෙන්න බැහැනේ...
අනිත් දේ ඔයාලා තුන්දෙනෙක් ඉන්නවා ...

ඉතින් මට එක ඇඳක් දුන්නම එක්කෙනෙක්ට ඉන්න වෙන්නේ කවිච්චියේ ...
ඊට වඩා හොඳයි මමම කවිච්චියේ ඉන්නවා ...

ටෙක්ලා එහෙම කිව්වම namjoon එයාගෙ genius මොලේ වෙහෙසෙව්වේ මේකට වෙන පිළියමක් නැද්ද කියලා හොයන්න ...

ආවා ආවා අයිඩියා එකක් ආවා ...
namjoon එකපාරට කෑගැහුවා ...

(හේ හේ පොඩ්ඩක් මැද්දෙන් බාධා කරන්න හිතුවා ... දැන් නම් ජූන්ට මම කිව්වේ අදහසක් ආවා කියලා ... ඉතින් ඔය කතා වල වගේ ඔයාලත් මවා ගන්න namjoon ගේ ඔලුව උඩින් බල්බ් එකක් පත්තු වෙනවා එකපාරටම ... හෙ හේ ඒක කියල යන්න ආවේ ... මොකද කතාව ටයිප් කරද්දි මට ඒක මතක් උනා ඒ වගේම මැවිලා පෙනුනා ...)

හට්ටික්කේ... අර මොකක්ද ඒ අයිඩියා එක ...
ටෙක්ලා ඇහුවෙ ඔළුවේ අත ගහගන්න ගමන් ...

මෙහෙම කරමු අපි තුන්දෙනා එක ඇඳක නිදා ගන්නම්... ඔයා අනිත් ඇඳේ නිදාගන්න ... සරලයි සුන්දරයි...

namjoon ඉන්ග්ලිශ් වලින් මුල් ටික කියලා , වාක්‍ය අගට සරලයි සුන්දරයි කියලා සිංහල කොටසකුත් එකතු කළා ...

ඒකට නම් කට්ටියට හිනත් ගියා ...

ඒ අදහස හොඳයි හැමෝම හිස් මුදුනින්ම පිළිගත්තා ...

....................................................................................
























එකෝමත් එක කාලෙක ...👀 (ඔන් හෝල්ඩ්)Where stories live. Discover now