...𝑾𝒊𝒍𝒍 𝑯𝒆 𝑩𝒆 𝑨𝒏𝒈𝒓𝒚 𝑾𝒊𝒕𝒉 𝑴𝒆 ?...

144 35 8
                                    

 
මේ සීත හමන්නෙ
                 අපි දෙන්නට විතරක් වෙන්න බැරිද

මේ හිතෙන් මෝදුවෙන ආදරය
        කියන්න අවස්තාවක් දුන්න වෙන්න බැරිද

ඇයි ඔබ තවම නිහඩ
              පවසන්න හිතේ තියෙන හැමදෙයක්ම

අහන් ඉන්නම් මියෙන තුරාවට
             ඉඩ දෙනවනන් ලගින්  හිදින්නට ...........

🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃

             
           බැලු බැලු හැම අතකින්ම පෙනුනෙ ගණ අන්දකාරෙට පාර පුරා ඇද හැලෙන වැස්ස විතරයි. ඉද හිට මනුස්සයෙක් දෙන්නෙක් හිසට සෙවනක් හොයාගෙන දුවනව ඇරෙන්න මේ මුලු ලෝකෙම නින්දට ගිහින් කියලයි මට හිතුනෙ. දාරානිපාත වැස්ස, පසට වැටිල එන ඒ අමුතු සුවද මන් මුලු  හදවතින්ම විද ගත්ත.

        
                                මන් new scl එකට ගිහින් අවුරුද්දකටත් කිට්ටුයි දැන් .  මුලු scl එකේ හැම කෙනෙක් ගැනම තේරුම් ගත්තත් මට තේරුම් ගන්න බැරි එකම මනුස්සය තමා දැන් මේ මගෙ ලග ඉන්නෙ. එයා බලන බැල්මක පවා ගැබ් වෙලා තිබ්බෙ අමුත්තක්. ඒක ආදරයද , නැත්තන් වෙනත් අදහසක්ද කියල මන් තේරුම් ගන්න ගොඩක් උත්සහ කරා. කොහොම වුනත් ඒ ආදරේ මට හිමි වෙනවනන් මන් මේ ලෝකෙම ඉන්න වාසනාවන්තම කෙල්ල වෙනව කියල මට හිතුන.

          
           " අපි දැන් යන්ද , වැස්ස පෑව්ව වගේ " කල්පනා ලොවේ ගිලිල හිටිය නිසා වැස්ස ගැන මෙලෝ සිහියක් මට තිබ්බෙ නෑ.
                
     " ඕ... දැන් වැස්ස පායලනෙ, මට  තනියම මේ ටික යන්න පුලුවන් " එහෙම කියාගෙනම මන් හිමිහිට ඒ මූන දිහා බැලුව. රස්තියාදුකාර පෙනුමක් තිබ්බට මොකෝ හැම කෙල්ලෙක්ම wish කරන්නෙ මේ වගේ කොල්ලෙක් ලබන්න වෙන්න ඇති. එහෙමයි එවෙලෙ මට හිතුනෙ.
       
                " ඇයි එදා වගේ මන් එනවද කිය කිය හොරෙන් පිටිපස්ස බල බල යන්නද "
             
          "  මො.. ඒ කියන්නෙ .. ඔ.. ඔයා එදා...."
       
                  "  ම්ම් .. මන් කෙල්ලෙක්ව තනියම යවන්න තරන් ආත්මාර්තකාමී කොල්ලෙක් කියල හිතුවද . ඔයා එක්ක ආවෙ නැත්තෙ ඒකෙන් ඔයාට ප්‍රශ්නයක් වෙයි කියල හිතුනු නිසා , දැන් යන් මන් එදා වගේ ඔයාට නොපෙනෙන්න එන්නන් "

Ĕ̈x̆̈ Ŏ̈r̆̈ N̆̈ĕ̈x̆̈t̆̈  [ Completed ]Where stories live. Discover now