Part 2

156 23 5
                                    

අද ටිකක් රෑ වෙනකන් ෂූටින් තිබුණු දවසක්.පසුගිය දවස් ටිකේම  උත්සව කිහිපයකටම සහභාගී වෙන්න වුනු නිසා විහගිට රූගතකිරීම් මගහැරුනා. ඇගේ මේ ඩ්‍රාමා එකේ අන්තිම කොටස් ටික තමයි මේ දවස්වල ෂූට් කරන්නෙ. ඉතින් රූගතකිරීම් ඉවරවෙලා ඇය ගෙදර ආවා.

නිවසෙහි ඉදිරිපස එකදු විදුලි පහනක්වත් නොදැල්වීම ගැන දැනුනු අමුත්තත් සමගම ඇය නිවසේ සීනුව නාද කලා.කිහිපවරක් නාද කලත් දොර විවර නොකල නිසාවෙන් දොරට අත තියන විටම එය ඉබේම විවර විය.

පිටත මෙන්ම නිවස ඇතුලතද එකදු විදුලි පහනක් හෝ දැල් නොවී තිබීම පුදුමයක්.( සම්මානනීය රංගන ශිල්පිනියක් වුනත් ඇය කලුවරට ගොඩක් බය පුංචි කෙල්ලක් හොදේ...🤭)
ඇය කලුවරේම අතපතගා විදුලි පහන්වල සුවිච් දල්වන්න හැදුවත් ඒවා දැල්වුනේ නැහැ.ඉතින් විහගි ශබ්දනගා ඇගේ මවට කතා කළා.

*විහගි:-* අම්මා, අම්මා...ඔයා කොහෙද? ඇයි මේ කරන්ට් එක නැත්තෙ🤷 අනිත් හැම ගෙදරම තියෙනවා ඇයි අපේ විතරක් නැත්තේ..අනික කෝ ඔයා..කොහෙද?

(මවගෙන් කිසිදු ශබ්දයක් නොමැති තැන දුරකථනයේ ආලෝකයෙන් හෝ නිවස ඇතුලෙහි තවත් ඉස්සරහට යන්න ඕන වුනත් ඇගේ අන්දකාරයට ඇති බිය ඊට හරස් වුණා.ඉතින් ඒ නිසා ඇය සිය මවට දුරකථනය ඇමතුමක් ගත්තා.

*විහගි:-* ෆෝන් එක ආන්සර් කරන්නෙත් නෑනෙ. අහ්..ගේ ඇතුලෙන්නෙ ෆෝන් එක රින්ග් වෙන්නෙ. එයා ඒකත් දාලා කොහෙහරි ගිහින්ද..🤔

දැන්නම් මේ වෙන දේවල් ඇයට හිතාගන්න බැහැ.ඒත් එකපාරටම නිවසේ සියලු විදුලි පහන් දැල්වුනා. විශාල අත්පොළසන් හා සුබපැතීම් ගොන්නක් මැද්දෙන් ඇගේ මව ඉතා අලංකාර කේක් එකක් රැගෙන ඇය ඉස්සරහට ආවා.🎂

හත්දින්නත් තරු 💜🌟💫Where stories live. Discover now