Part 19

78 17 5
                                    

*BTS HOUSE* 🏬💜💫

වෙලාව පාන්දර දෙකට ආසන්නව තිබුණි. තව දින දෙකකින් එළි දක්වන අලුත් ගීතයේ වැඩකටයුතු හා ලග ලගම එන concert එක නිසාවෙන් bts සාමාජිකයන් මෙතෙක් වෙලා පුහුණුවීම් ආදී වැඩකටයුතුවල නිරත වී සිටි අතර එහි අවසානයේ  V තම කාමරයට පැමිණියේ ය. ඔහු කාමරයට පැමිණ විඩා නිවාගන්නට විය. ඒ අතර කවුරුන් හෝ කාමරයේ  දොරට තට්ටු කරන්නට විය.

*Jimin:-* Taehyungshii...Taehyungshii.
දොර අරින්නකෝ මං ජිමින්.🐣

*V:-* ඕහ්..Jiminshii..ඉන්න එනෝ.

එලෙස පවසා ගොස් V දොර හැරි විට ජිමින් කාමරයට ඇතුළු විය.

*Jimin:-* මොකෝ කරන්නේ?

*V:-* මොනා කරන්නද බන්. අදනම් හොදටම මහන්සියි.

*Jimin:-* අම්මොහ් ඔව්..මටත් සෑහෙන්න මහන්සියි.

එසේ කියා ජිමින් V ගෙ ඇදට පැන එහි පෙරලෙන්නට විය.

*V:-* අහ්හ්..මේ මේ...මහන්සි නම් උබේ කාමරේට ගිහින් නිදාගනින්. මට අතපය දිගඇරලා හොදට නිදාගන්න ඕනෙ.

*Jimin:-* අපෝ හරි හරි..උබේ මේ මහලොකු සිරියහනෙ සැතපෙන්න ආවෙ නෑ මං. මං ආවෙ කම්මැලිකමට ටිකක් කතා කර කර ඉදලා යන්න විතරයි.

එසේ කීවත් කියව කියව ඉද අවසානයේ ජිමින්ට මෙතැනම නින්ද යන වගෙ V අත්දැකීමෙන් දනී.

*V:-* හරි හරි..ඉතින් මචෝ..මොකෝ කියන්නෙ අලුත් සිංදුව ගැන හිතට පිට් නේද?

*Jimin:-* ආයෙත් අහලා නම්ජුන් හියුන්ග්නුයි යුන්ගියි ඔයයි මාරෙටම ලියලා තියෙනවා. අපේ army ලා  අනිවාරෙන් කැමැති වෙනවා.

*V:-* ඒකනෙ කියන්නෙ...දැක්කනෙ කොල්ලන්ගෙ වැඩ..😌

*විහගිගේ නවාතැන*❤️💫

*මින්වා:-* මිස්..මිස් දැන්ම නිදාගන්නෙ නැද්ද? දැන් ගොඩක් රෑ වෙලානෙ.🤷

*විහගි:-* නෑ මින්වා ලංකාවේයි මෙහෙයි වෙලාවෙත් පොඩි වෙනසක් තියෙනවනෙ..මට කොහොමත් ඒ නිසා තාම නිදිමත නෑ. අම්මනනම් නිදි නේද...මින්වටත් නිදිමතනම් ගිහින් නිදාගන්න.

*මින්වා:-* කමක් නැද්ද මිස්?

*විහගි:-* අයියෝ  ඒකට කමක් නෑ ළමයෝ යන්න.

මින්වත් නිදාගැනීමට ගිය පසු විහගි ඇගේ කාමරයට පැමිණ දුරකථනයේ ඩේටා ඔන් කරන ලද්දේ ගීතයකට සවන්දීම සදහාය.

*BTS HOUSE* 🏬💜💫

තොර තෝංචියක් නැතුව කියව කියවා සිටි ජිමින්ට නොදැනීම V ගේ යහනෙහිම නින්ද ගොස් තිබුණි. කොයිතරම් නෑ කීවත් අනිවාරෙන් ජිමින්ට මෙතැනම නින්ද යන වගෙ V අත්දැකීමෙන් දැන සිටියේය. ඇතැම්විට කුමක් හෝ පවසමින් තම ආදරණීය මිතුරා මෙලෙස තම කාමරයට පැමිණෙන්නේ කම්මැලිකමක්,මහන්සියක්,සතුටක් හෝ දුකක් ආදී හැගීමක් දැනුනු විට වග V දනී. ඒ තමාට ඔහු මෙන්ම ඔහුටත් තම කණ්ඩායමේ මෙන්ම මුදු දිවියේම සමීපතම සාමාජිකයා,මිතුරා තමා නිසාය.

ක්ෂණිකව ආ දගකාර සිතුවිල්ලක් නිසා V ඉතා හුරුබුහුටි ලෙස නිදා සිටින ජිමින්ගේ සෙල්ෆි චායාරූපයක් ගනු ලැබුවේ තමාවද එහි ඇතුළත් වන පරිදිය.
ඉන්පසු එය weverse හී පළ කරන ලද්දේ...
*Good Night Armys* 🐯🐥  යනුවෙනි.
.....................................................................

*විහගිගේ නවාතැන*❤️💫

ගීතයට සවන්දෙමින් සිටි විහගි එය මදකට නතර කරන ලද්දේ  V විසින් weverse හී පෝස්ට් එකක් පළ කළ  බවට  ආ notification එක නිසාවෙනි.
ඉතා සතුටින් හා වුවමනාවෙන් වහාම ඇය weverse app එක වෙත ගියේ V මේ වෙලාවෙහි තමා මෙන් ම අවදියෙන් සිටීම ගැනත්  සතුටු වෙමිනි.

*විහගි:-* Wow😍 හරිම කියුට්...ෂෝක් ෆොටෝ එක.

එසේ සිතමින් ඇය එම ෆොටෝව ගෙන තමා විසින් එය නැවත weverse හී පළ කරන ලද්දේ...

*Good Night Vmin...*🐯🐥යනුවෙනි.

විහගිගේ සතුට දෙගුණ වූයේ V ඊට comment කිරීම නිසාය.
*දැන් ගොඩක් රෑ වෙලා නිදාගන්න Army. 😴 මාත් නිදාගන්න  ඕනෙ.*😴

V ගෙ දිග comment එක දැකීමෙන් විහගිට සතුට වැඩිකමට දෑස් කදුලින් තෙත් විය. මෙහි ඇති සුවිශේෂීත්වය නම් V විසින් ඇයට reply comment එකක් දමන ලද්දේ ඒ විහගි බව නොදැනය. කිමද විහගි Weverse හී සිටින්නේ *Tae Tae* යන නමිනි.



අපිට ඔය විදියට කවදා reply කරයිදෝ මන්දා...☹️

හත්දින්නත් තරු 💜🌟💫Where stories live. Discover now