Part 11

103 17 6
                                    

ඒ තත්ත්පර කිහිපයේ දී ඔවුන් ඔවුන්ගේම ලොවක තනිවෙද්දී...

*කළමණාකාරතුමා:-* සමාවෙන්න මිස් විහගි!! අපි දැන් ඇග්‍රිමන්ට් එක අත්සන් කරමු නේද..?

ඒ විහගිගේ ශ්‍රී ලාංකික කළමනාකාරවරයාය. ඔහු ඇතුළු තවත් කිහිපදෙනක්  විහගිත් සමගම ගුවනින් දකුණු කොරියාවට පැමිණි අතර රැකියා ස්ථානයේ නිවාඩු ලබාගත් සැනින් විහගිගේ මවද දකුණු කොරියාවට පැමිණීමට නියමිතය.

කළමණාකාරවරයාගේ කටහඩත් සමග පියවි සිහියට ආ විහගි දැණුනු ලැජ්ජාවත් සමගම වහා V වෙතින් තම දෑස් ඉවතට ගන්නා ලදි. V ද කලබලයෙන් ඉවත බලාගත්තේ කිසිදාක නොවූ ලෙස තමාට අද කුමක් වූවාදැයි සිතමිනි.

දකුණු කොරියාවේ සියලුම K pop idols ලාට මෙන්ම K dramas & K films රංගන ශිල්පීන් හා ශිල්පිනියන්ටත්  ඔවුන්ට අනුග්‍රහය දක්වන  ආයතන තිබෙන නිසා...විහගිටද ශ්‍රී ලාංකිකයෙකු ලෙස කිසිදු අපහසුතාවයක් ඇති නොවෙන ලෙස ඇගේ සියලුම කටයුතුවලට ඇගේ කළමණාකාරිත්වය සහය විය.

*විහගි:-* අහ්...හරි මිස්ටර් දිසානායක. අපි මේක අත්සන්  කරමු.

ඒ අතරම V ද ඔහුගේ ලියකියවිලිවල අත්සන් තැබීය. සුපුරුදු පරිදි ඔහුගේ සියලුම අනුග්‍රාහක කටයුතු BTS හි Entertainment එක වූ HYBE ( Big Hit )  එක විසින් සිදුකරයි.

සියල්ල අවසානයෙහි ඔවුන් සියලුදෙනා තිර පිටපත කියවිමෙන් පසු ටෙලිනාට්‍යයේ අධයක්ෂකවරයා වන පාර්ක් මියුන්ජි විසින් ටෙලිනාට්‍යය ගැන තවත් සරල ලෙස පැහැදිලි කරන ලදි.

*පාර්ක් මියුන්ජි:-*  දැන් ඔයාලා හැමෝම අපේ කතාව ගැන දන්නවනෙ.... රටවල් දෙකක,ජාතීන් දෙකක,ආගම් දෙකක,භාෂා දෙකක,සංස්කෘතීන් දෙකක, වර්ණ දෙකක...සම්පූර්ණයෙන්ම වෙනස් පරිසරයන් දෙකක ජීවත් වුණු නමුත් අවසානයේ ඒ කිසිවක් බාදාවක් කර නොගෙන හදවත්වලින් එක්වුණු ආදරවන්තයින් දෙදෙනෙක් ගැන කියවෙන වෙනස්ම විදියේ කතාවක් තමයි මේක. ඉතින් මං හිතනවා මිස්ටර් Kim Taehyng (V) , මිස් විහගි, මිස්ටර් ජුන් ජේ, මිස් සුකී ඇතුළු සියලුමදෙනා මේ වැඩේ ගොඩාක් ලස්සනට කරයි කියලා. එහෙනම් අදට අපේ වැඩ අවසානයි. සියලුදෙනාම අපේ සංග්‍රහය
භුක්ති විදලා යමු. හෙට ඉදන් රූගතකිරීම් පටන්ගන්නවා.

සියලුදෙනා ආහාර ගන්නා අතරද දෑස් හතරක්ම යොමු වී තිබුනේ එක් පුද්ගලයෙකු වෙතය. සුකී හා විහගි විටින් විට V දෙස බලන්නට වූයේ ඔවුන්ගේ සිහින කුමරුන් මේ සා ලගින් දැකබලා ගැනීමේ සතුටත් සමගිනි. ඔවුන්ගේ දෑස් විටින් විට තමා වෙත යොමුවී ඇති බව දැනුනත් V වෙනසක් නොපෙන්වා ආහාර ගන්නාට විය. එහෙත් තමාටත් නොදැනීම තමාද විහගි දෙස හොරැහින් බලනුයේ ඇයිදැන් Vටම සිතාගැනීමට නොහැකි විය.
විහගිට නම් තාමත් තමා වසර ගණනාවක් සැබැහැවින් දකින්නට පෙරුම් පිරූ ඒ රුව,ඒ සිනහව, ඒ කටහඩ අද තමා අබියස බව සිහිනයක් මෙනි. ඇගේ දෙනෙත් ඇයටත් නොදැනීම V වෙතටම යොමු වූයේ පුරුද්දට මෙනි. මෙතරම් කාලයක් ඇය ඔහු දෙස තනිවම බලා සිටියාය. දුරකථනයේ හෝ පරිගණකයේ තිරය ඔස්සේ ඔහු දෙස බලාගෙන තනිවම ඔහු හා දෙඩුවාය. ඔහු සතුටින් සිනාසෙන විට ඔහු හා සිනාසූවාය. ඔහු දුකින්..වේදනාවෙන් සිටින විට ඈ ඔහුට වඩා දුක් විය. ඉතින් ඇගේ ආදරය දෙස බලා හිදීම විහගිට සාමාන්‍ය දෙයකි. එහෙත් ඈට අමතක වූයේ අද ඇය බලා සිටින්නේ පණ ගැහෙන ඔහුගේ සැබෑම රුව දෙස බවයි.♥️

හත්දින්නත් තරු 💜🌟💫Where stories live. Discover now