Part 37

122 16 3
                                    

අවුරුදු කිහිපයක් තිස්සෙම හිතින් ආදරය කළ.. කිසිම දවසක හැබැහින් දකින්නට හෝ ලැබේදැයි නොදැන සිටි තම සිහින ආදරයේ ස්පර්ශය සැබෑවටම දැනෙද්දි විහගි විනාඩි දෙකක් පමණ ඒ ආදරේ රස්නය විදගන්නට වූයේ මුලු හිතම සැනසෙද්දීය.

ඉන්පසු V කෙරෙන් ඈත් වූ ඇය,

විහගි:- එහෙනම් V මම ගිහින් එන්නම්.හෙට හම්බවෙමු.🙂

V:-  හරී..මං ගිහින් කෝල් එකක් දෙන්නම්.🙂 
අහ් මේ..විහගි,

විහගි:- ම්ම්ම්..

යන්න දෙන්නට ලෝබකමින් ඇයට නැවතත් කතා කලද..කුමක් කියන්නද කියලා V ට සිතාගැනීමට නොහැකි විය.

V:-  නැහැ මුකුත් නෑ...නිකන්, පරිස්සමින් යන්න.❤️

විහගි :- හරී..ඔයත් පරිස්සමින්..❤️

ඊන්පසු ඔවුන් දෙදෙනාම තම තමන්ගේ නිවෙස් කරා පිටත් විය.

........................................................................

BTS HOUSE 🏬💜💫

V නිවසට පැමිණෙන විටත් මධ්‍යම රාත්‍රිය උදා වී තිබුණි. අනෙකුත් bts සාමාජිකයන් නිදා සිටියද ජිමින්,සුගා සහ නම්ජූන් සිටියේ අවදියෙනි.

Suga:- අන්න ටේ ආවා.

RM:- හ්ම්ම්..

Jimin:- මේ Idol ජීවිතේ අපිට කොයිතරම් දේවල් දීලා තියෙනවාද වගේම..ඒත් එක්කම කොච්චර දේවල් උදුරගෙනද කියලා මට ටේගෙ මූණ දැක්කම මේ දවස් ටිකේම දැණුනා හ්යොන්ග්..🙂

RM:- හැමදේම තව ටික කාලයක් යද්දි හරියයි ජිමිනා. ම්ම්ම්..ඔයාගෙ යාලුවා එදාට ලස්සනට හිනාවෙයි 😊

Suga:- මං ගිහිල්ලා මිනිහව පොඩ්ඩක් බලලා එන්නම්.

RM:- හරි හ්යොන්ග්.

එතැනින් නික්ම Suga ගියේ V ගෙ කාමරයටය. ඒ නිවසට පැමිණි වහාම V එහෙම්මම තම කාමරයට ගොස් දොර වසාගත් නිසාය.

Suga:- ටේ, ටේ...ඔයා ආවා නේද...
කෝ මේ දොර අරිනවකො.

V:- හ්යොන්ග් මට නිදිමතයි..මහන්සියි..
හෙට කතා කරමු අපි.

Suga:-තමුසෙ මේක අරිනවද..
නැත්නම් මං දොර කඩාගෙන ඇතුළට එන්නද..🤷‍♂

Du hast das Ende der veröffentlichten Teile erreicht.

⏰ Letzte Aktualisierung: Apr 04 ⏰

Füge diese Geschichte zu deiner Bibliothek hinzu, um über neue Kapitel informiert zu werden!

හත්දින්නත් තරු 💜🌟💫Wo Geschichten leben. Entdecke jetzt