Part 26

93 13 14
                                    

*Concert stadium* 🛕

*Jimin:-* අම්මොහ්.... ළමයී, ඇහෙනවද අපේ army ලාගෙ සද්දෙ...🗣️🗣️🗣️🗣️🗣️

*J Hope:-* හ්ම්ම්...තව ටිකකින් අපිව දැක්කහම ඔය සද්දෙ සියගුණේකින් විතර වැඩිවෙනහැටි මතක් වුනහම මටත් හයියෙන් කෑගහන්න හිතෙනවා ජිමිනි. 😃

*RM:-* හා හා...ඒ වෙලාවට කෑ ගහමු...දැන් කෝ කට්ටියම ලෑස්තියි නෙහ්..?  V හරිද...jk?

*අනෙක් සියලුදෙනා:-* ඔව් ඔව් අපි ලෑස්තියි. වෙලාව ආවහම යන්න විතරයි තියෙන්නෙ.... 🤷‍♂🤷‍♂🤷‍♂🤷‍♂🤷‍♂🤷‍♂

BTS සාමාජිකයන් ප්‍රසංගය සදහා සූදානම් වන අතරතුර Army රසිකයන් සියලුදෙනා stadium එක ඇතුලට පැමිණෙමින් තමන්ට හිමි ස්ථාන කරා රොක්වෙමින් සිටි අතර විහගි ඇතුළු පිරිස ද මේ මොහොතේ මෙම ස්ථානයට පැමිණියහ.

කෙමෙන් කෙමෙන් නියමිත ස්ථානය කරා ලගාවන විට විහගිගේ හදගැස්ම වේගවත් වූයේ ඇගේ වසර ගණනක සිහිනය සැබෑවීමේ සතුටත් සමගිනි. අවසානයේ ඔවුන් පැමිණි වාහනය නියමිත ස්ථානයට පැමිණ නතර කෙරිණි.

*මින්වා:-* මිස්..අපි බහිමු නේද...

විශාල stadium එක දෙසත් අවට සැමතැනම දිස්වන විවිධ bts පෝස්ටර් දෙසත් වශීවූවා සේ කවුලුවෙන්  බලා සිටි විහගි පියවි සිහියට පැමිණියේ මින්වාගේ හඩිණි.

*විහගි:-* අහ්..හරි මින්වා. යමු අම්මා.

විහගි ඇතුළු පිරිස වාහනයෙන් පිටතට පැමිණි විගස සැලකිය යුතු ලෙස විශාල මාධ්‍යකරුවන් ප්‍රමාණයකගේ කැමරාකාච  විහගි දෙසට යොමුවන්නට වූයේ ශ්‍රී ලංකාවේ සිට පැමිණ V ත් සමගම එකම ටෙලිනාට්‍යයේ රංගනයෙන් දායක වන මෙම සම්මානනීය තරුණ රංගන ශිල්පිනිය V කටයුතු කරන සංගීත කණ්ඩායමේම ප්‍රසංගයක් නැරඹීමට පැමිණීමෙන් අලුත් පුවතක් මවාගැනීමේ අටියෙනි.
එනිසා වහාම විහගි හා ඇගේ පිරිස ඉක්මනින් stadium එක තුළට යැවීමට එතැන සිටි කාර්‍යමණ්ඩලය කටයුතු කරන ලදි.

දිග හුස්මක් ගනිමින් විහගි stadium එක තුළට ඇතුළු විය. ඇයට දැණුනේ තමා අමුතුම ලොවකට පැමිණියා සේය. BTS Army රසික රසිකාවියන්ගෙන් පිරී ඉතිරී යමින් පවතින මුලු stadium එකම දෙස බැල්මක් හෙලූ ඇය අවසානයේ ඇගේ මවගේ මුහුණ දෙස බැලීය.
එවිට කිසිත් නොකී ඇගේ මව ඉතා ආදරයෙන් ශක්තිමත් ලෙස තම දියණියගේ අත අල්ලාගත්තේ ඇගේ සියලු හැගීම් හැදින්නා සේය.

හත්දින්නත් තරු 💜🌟💫Where stories live. Discover now